බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට 7%කටත් වඩා ඉහළ ප්‍රතිශතයකින් පහත වැටෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (12දා) රාත්‍රී 10.45 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.61ක් දක්වා ඩොලර් 7.49කින් එනම් 6.99%කින් පහත වැටී තිබේ. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.91ක් දක්වා ඩොලර් 8.18කින් එනම් 7.66%ක ප්‍රතිශතයකින් පහත වැටී ඇත.

විශේෂයෙන්ම චීනය තුළ අලුතින් පැනවුණු ලොක්ඩවුන් සීමා, ලොව පුරා ඉහළ යන උද්ධමනය යනාදී කාරණා හේතුවෙන් බොරතෙල් සඳහා වන ඉල්ලුම අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වීම සහ ලොව අනෙකුත් මුදල් ඒකක හා සැසඳීමේදී ඩොලරය තවදුරටත් ශක්තිමත් වීම යනාදී කාරණා මේ සඳහා හේතුව වී තිබේ.

Visits: 113