ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදා එවීමක් ගැන ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමිගෙන් යෝජනාවක්

නිදහස් මැතිවරණයක් හරහා තේරී පත් වුණු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙදෙනා, කළහකාරී උද්ඝෝෂණයක් හරහා ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

අද පස්වරුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙවැනි කලහකාරී විරෝධතාවක් හරහා ඔවුන් බලයෙන් පහ කිරීමක් සිදුවුවහොත් එය සිය අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටකට ආරක්ෂාවක් නොමැති තත්ත්වයක් වනු ඇති බවත් ඔහු මෙහිදී පවසා තිබේ.

ඒ අනුව මෙම තත්ත්වයට විකල්පයක් ලෙස රාජපක්ෂවරුන් ඉල්ලීමක් කරන්නේ නම් ඉන්දියාව සිය හමුදාමය සහාය ලබා දිය යුතුව ඇතැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 167