මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තිය තවත් දැඩි කෙරේ – පොළී අනුපාතික ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට තීරණය කළ බව මහ බැංකුව අද නිවේදනය කර සිටියි.

ඊයේ දිනයේදී පැවැත්වුණු මුදල් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගත් බවත්, අද දිනයෙන් පසුව මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.50%ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50%ක් දක්වාත් ඒකක 100කින් ඉහළ දමා ඇති බව මහ බැංකුව පවසයි.

අවසන් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50%ක් ලෙසද, ණය පහසුකම් අනුපාතිකය 14.50%ක් ලෙසද පැවතුණි.

Visits: 147