බොරතෙල් බැරලයක මිල ඩොලර් 99ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අද පෙරවරුව වන විට තවදුරටත් පහළ බැස ඇතැයි වාර්තා පවසයි. ඊයේ රාත්‍රියේදී මෙම බොරතෙල් මිල කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කළ අතර, එය ඩොලර් 100 සීමාවට ළගා විය.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 07.00 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.72ක් ලෙස පහත වැටී තිබේ. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 96.74ක් දක්වාද පහත වැටී තිබුණි.

විශේෂයෙන්ම බොරතෙල් සඳහා වන ගෝලීය උනන්දුව හීන වී යාම නිසා මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහත වැටීමට හේතුව වී තිබේ. එසේම ඩොලරය මේ වනවිට වසර 20කට පසුව ලොව අනෙකුක් මුදල් ඒකක හා සැසඳීමේදී වැඩිම අගයකට පත්වීම සහ ලොව පුරා යළිත් වටයකට ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයන්ද මේ සඳහා බලපෑම් එල්ල කර ඇත.

Visits: 141