LPL තෙවැන්නේ ක්‍රීඩක තෝරා ගැනීම සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැන්නෙහි ක්‍රීඩක තෝරා ගැනීම (Player Draft) අද ප.ව. 5.00 ට පැවැත්වුණි.

කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆෝල්කන් සහ ජැෆ්නා කිංග්ස් ලෙස කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම අන්තර්ජාල සංවාද මාධ්‍යය භාවිතයෙන් සිදු කෙරිණි.

මෙය ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින්ද බොහෝ දෙනා හඳුන්වනු ලබයි. මෙවරත් දෙස් වි‌දෙස් ක්‍රීඩකයින් 353 දෙනෙකු සුදුසුකම් සපුරා තිබුණි.

මෙහිදී ‘රූබි’ (Ruby), සැපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A), ඩයමන්ඩ් ‘බී’ (Diamond B)සහ ප්ලැටිනම් (Platinum) යන ප්‍රධාන කාණ්ඩ යටතේ පළමුවෙන්ම ක්‍රීඩක තෝරා ගැනීම සිදු විය.  

ඊට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සදහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය.

මෙලෙස ක්‍රීඩක තෝරාගැනීමේදී එක් එක් කණ්ඩායම් සඳහා තෝරා ගැනුණු ක්‍රීඩකයන් පහත පරිදි වෙයි.

මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වන අතර එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

Visits: 58