SLT-Mobitel PLC සභාපති රොහාන් ප්‍රනාන්දු එම සමාගමේ කොටස් මිලදී ගැනීමක

ශ්‍රීලංකා ටෙලිකොම්-මොබිටෙල් පීඑල්සී (SLTL.N0000) සමාගමෙහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම සමාගමෙහි කොටස් මිලදී ගැනීමක් සිදු කර ඇතැයි එම සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

මෙහිදී රොහාන් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය ජූනි 28 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් පීඑල්සී සමාගමෙහි කොටස් 177,239ක් මිලදී ගෙන තිබේ.

මෙහිදී එක් කොටසක් රුපියල් 29ත් -30ත් අතර මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙලෙස මිලදී ගත් කොටස්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් 5,317,170 ක් පමණ වෙයි.

රොහාන් ප්‍රනාන්දු මහතා 2020 ජනවාරි 23 වැනිදා ශ්‍රී ලංකා ටෙලිකොම්- මොබිටෙල් පීඑල්සීහි සභාපතිවරයා ලෙස පත් කෙරිණි. ඒ මහතා විධායක ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

Visits: 218