ශ්‍රීලංකන් සමඟ කොළඹ සිට ඕනෑම ජර්මානු නගරයක් වෙත ගමන් කිරීමේ අවස්ථාව

ශ්‍රීලංකන් ගුවන් සේවය World-Ticket සහ Deutsche Bahn සමඟ අත්සන් කරන ලද Rail-Fly හවුල්කාරිත්වය හරහා කොළඹ සිට ජර්මනියේ ඕනෑම ස්ථානයකට ඔවුන්ගේ සම්පූර්ණ ගමන වෙන්කරවා ගැනීමේ පහසුව පාරිභෝගිකයින්ට උදා කර දී ඇතැයි පවසයි.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් මගීන්ට දැන් ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළ සහ ජර්මනියේ බර්ලින්, හැම්බර්ග්, Munich, Stuttgart සහ Dusseldorf, ස්විට්සර්ලන්තයේ බාසල් සහ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් ඇතුළු ප්‍රධාන නගරවල පිහිටි Deutsche Bahn දුම්රිය ස්ථාන 5,600කට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධ වීමේ හැකියාව පවතී.

මීට අමතරව, Deutsche Bahn විසින් ක්‍රියාත්මක කරන ලද කඩිනම් කාලසටහන හේතුවෙන් මගීන්ට අවම සංක්‍රමණ වේලාවන් සහ ගමන් කිරීමේදී නම්‍යශීලී බවක් භුක්ති විඳිය හැකිය.

ජර්මනිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ සැලකිය යුතු වාණිජ වෙළඳපොළක් වන අතර, කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් පැමිණීමේ සිව්වන විශාලතම වෙළඳපළ විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම සතියට ගුවන් වාර තුනකින් සමන්විත මෙහෙයුම් කාලසටහනක් සමඟින් 2020 මැයි මාසයේදී ෆ්‍රැන්ක්ෆර්ට් වෙත මෙහෙයුම් නැවත ආරම්භ කරන ලදී.

එම අන්තර් සම්බන්ධතා හවුල්කාරිත්වයන් හරහා යුරෝපයේ වාණිජ සබඳතාවයන් උපායමාර්ගිකව ගුවන් සේවය නැවත ගොඩනඟමින් සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා, “අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීමට සහ ශ්‍රී ලංකාව සෙසු ලෝකයට සම්බන්ධ කිරීම සඳහා අපගේ ජාලය වැඩිදියුණු කිරීමට සහ පුළුල් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම අඛණ්ඩව අපේක්ෂා කරයි. Deutsche Bahn සහ World-Ticket සමඟ හවුල් වී අපගේ ගනුදෙනුකරුවන්ට ජර්මනියේ සියලුම ප්‍රදේශවලට සහ අසල්වැසි රටවලට සිට ෆ්‍රැන්ක්ෆර්ට් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දීමට අපි සතුටු වෙමු. මෙම මුලපිරීම ජර්මනියේ සෑම ප්‍රදේශයකින්ම සංචාරකයින්ට ඔවුන්ගේ ඊළඟ නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවේ ආශ්චර්යයන් සහ ආගන්තුක සත්කාරය නැරඹීමට සහ අත්විඳීමට පෙළඹවීමක් ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ” යනුවෙන් පැවසීය.

WorldTicket හි වාණිජ ව්‍යාපාර සංවර්ධන උප සභාපති Peer Winter මහතා අදහස් දක්වමින්. “ශ්‍රීලංකන් ගුවන් සේවයට දුම්රිය ඇතුළු බහුවිධ සංචාරක විකල්ප සඳහා සහය දැක්වීමටත් ඔවුන්ගේ සංචාරක නියෝජිතයින්ට සහ ඔවුන්ගේ මගීන්ට ප්‍රවේශපත්‍ර පිරිනැමීම පුළුල් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. ඒ වගේම Deutsche Bahn සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය තුළින්, මගීන්ගේ ගමනාගමනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් සහ ගුවන් සමාගම්වලට බාධා කිරීම් අවදානම අවම කරමින් ජර්මනිය පුරා පිහිටි 5,600 දුම්රිය ස්ථානවලින් සමන්විත අතිවිශාල බහුමාධ්‍ය ජාලයට සම්බන්ධ වීම ගැන අපි ආඩම්බර වෙමු.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම හවුල්කාරිත්වය යටතේ, WorldTicket ජර්මනියේ විශාලතම දුම්රිය සමාගම වන ඩොයිෂ් බාන් විසින් මෙහෙයවනු ලබන දුම්රිය අංශ සඳහා අලෙවිකරණ වාහකය වනු ඇත. මෙහිදී පහසු සම්බන්ධතා ලබා දෙන ගමන් ජාලයක් තිබීමට අමතරව, දුම්රිය ගමනාගමනය ගෘහස්ථ ගුවන් ගමන් සඳහා සාපේක්ෂව මිල අඩු විකල්පයන් ලබාදේ.

සියලුම ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙන්කරවා ගැනීමේ මාර්ග හරහා මගීන්ට දුම්රිය ගමන් අංගය ඇතුළුව සම්පූර්ණ ගමන වෙන්කරවා ගත හැක. වැඩි විස්තර සඳහා පිවිසෙන්න srilankan.com/plan-and-book/rail-and-fly

Visits: 53