ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා මහ බැංකු අධිපතිවරයා හමුවී සුභපැතුම් එක් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා වශයෙන් යළිත් තේරීපත්විම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත සිය සුභපැතුම් එක් කරන බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

 “තවත් වසර හයක කාලයක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මගේ හද පිරි සුභපැතුම් එක්කරනවා.” ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

අද දිනයේදී මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපතිවරයා හමුවෙමින්, මල්කළඹක්ද පිළිගන්වමින් ඔහු මෙලෙස සිය සුභ පැතුම් එක් කර තිබිමද විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ගුප්තා මහතා සිය සමාගම හරහා සිදු කරන ඉන්ධන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, ඉදිරියේදීද ඒ සඳහා දායකත්වය ලබා දෙන ලෙසත් ඉල්ලීම් කළ බවත් සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරියේදී මහ බැංකුව හරහා සිදුකරන ඩොලර් ලබා ගැනීමකින් තොරව සිය ඩොලර් වත්කම් හැකියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි ඉන්ධන නිෂ්පාදනය සිදු කරන විදේශීය රටවල සමාගම් වෙත මෙරට වෙත ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රජය පසුගියදා සඳහන් කර තිබුණි.

Visits: 66