කාර්ගිල්ස් (සිලෝන්) වෙතින් කොටසකට රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවිමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 29 වැනිදා නම් කෙරී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව තිබේ. ඒ අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 28වැනිදා පැවැත්වීමටත් කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ.

Visits: 66