අද සිට මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණයි

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, 2022 ජූනි 30 වැනි දින සිට 2022 ජූලි 10 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සැපයීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් සිදු කරන බව එම අමාත්‍යාංශය පවසයි.

එසේම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය  සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයනු ලැබේ.

මෙහිදි හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ එම කොන්සියුලර් කාර්යාලය හා සම්බන්ධ වන ලෙස මෙම අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි;

  • කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය-  jaffna.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මාතර- matara.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මහනුවර-   kandy.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය –  trincomalee.consular@mfa.gov.lk
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – කුරුණෑගල-  kurunegala.consular@mfa.gov.lk

Visits: 42