Samsung වෙතින් Galaxy උපාංග සඳහා පාරිභෝගික ඔබට විශ්මිත දීමනා

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙවැනි අර්බුදකාරී කාලයන් මධ්‍යයේ පාරිභෝගිකයින්ගේ ආර්ථික අපහසුතා මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ට සහාය වීම සඳහා Galaxy උපාංගවල විශේෂ අඩු කළ මිල ගණන් පසුගියදා එළිදැක්වීය.

සිය ජනතාව වෙනුවෙන් ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන වෙළෙඳ නාමයක් ලෙස සැම්සුන් ඔවුන්ගේ උපාංගවල ප‍්‍රවර්ධන මිල ගණන් වලට 48%ක් දක්වා අද්විතීය වට්ටම් හඳුන්වා දී තිබේ. එම නිසා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ Galaxy devices වලට අමතර උපාංග මිලදී ගැනීමේදී ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවේ. මෙම ප‍්‍රවර්ධනය හරහා පාරිභෝගිකයින්ට සැම්සුන්හි හි සැබෑ විශිෂ්ටත්වය අත්විඳීමට ඉඩ සැලසීම සඳහා adapters, wearables, hearables, chargers, smart tags හා headphones ඇතුළු Galaxy ecosystem හි සියලූම උපාංග සඳහා විශේෂිත මිල අඩු කිරීම් හඳුන්වා දෙනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යු මහතා පැවසුවේ ‘‘සැම්සුන් සැමවිටම ජනතාවගේ සන්නාමයක් වගේම පාරිභෝගිකයාගේ යහපැවැත්ම කෙරෙහි සැමවිටම අවධානය යොමු කරනවාx මෙවැනි අසීරු කාලවලදී දැඩි උද්ධමනයෙන් පීඩා විඳින පාරිභෝගිකයින්ට සහායක් වීම සඳහා අපටම අනන්‍ය වූ ආකාරයෙන් උපකාර කිරීම වැදගත්. උද්ධමනය නිසා ඇති වී තිබෙන භාණ්ඩ මිල ගණන් ගැන වද නොවී අපගේ පාරිභෝගිකයින්ට Galaxy ecosystem එකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා අපි Galaxy උපාංගවලට විශේෂ මිල ගණන් හඳුන්වා දුන්නා.’’ යනුවෙනි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් සිය උපාංගවල මිල වෙළෙඳපොළ වටිනාකමින් 48%ක් දක්වා අඩු කර ඇත. Galaxy Watch, Galaxy Buds, Galaxy SmartTag, Travel Adapters සහ Wireless Chargers ඇතුළු උපාංග මෙම විශේෂිත ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඔබට මිලදී ගත හැකිය.

Galaxy Watch 4 (BT, 40mm) 42%ක වට්ටමක් යටතේ රු. 71,999/- කට සහ Galaxy Watch 4 Classic (BT, 46 mm) 41%ක වට්ටමක් යටතේ රු. 104,999/-ක් වැනි මිලකට ඔබට මිලදී ගත හැකිය.

මෙම වැඩසටහන යටතේ Galaxy Hearables වල මිල විශාල ලෙස අඩු කර තිබීම විශේෂත්වයකි. Glaxy Buds 2 23%ක වට්ටමක් යටතේ රු. 47,999/- ක් ලෙස මිල අඩු කර තිබෙන අතර Galaxy Buds Live 48%ක වට්ටමක් යටතේ රු. 35,999/- ක මිලකට ඔබට මිලදී ගත හැකිය. මේ අතර Galaxy Buds Pro 48%ක වට්ටමක් යටතේ රු. 46,499/- ක මිලකට ද Level U2 headphone 42%ක වට්ටමක් යටතේ රු. 10,499/- ක් වැනි මිලකට මිලදී ගැනීමට ඔබට අවස්ථාව ඇත.

Galaxy SmartTag (පැක් 1ක්) 40%ක වට්ටමක් යටතේ රුපියල් 5,999 ක් වැනි විශේෂ අඩු කළ මිලකට ඔබට දැන් ලබා ගත හැකිය.

මේ අතර Wireless Charger Due 2021 (PA නොමැතිව) රුපියල් 9,199/- කට සහ Wireless Charger Pad 2021 (PA නොමැතිව) රුපියල් 5,599/- ක් වැනි විශේෂ අඩු කළ මිලකට දැන් ලබා ගත හැකිය. Wireless Charger Trio රුපියල් 17,999/- කට සහ Wireless Charger Convertible රුපියල් 8,999/- ක් වැනි විශේෂ මිලකට ඔබට මිලදී ගත හැකිය.

Two ports හා 15W ක Galaxy devices සඳහා වන කාර් චාර්ජරයක් දැන් ඔබට රුපියල් 3,199/-ක් වැනි මිලකට ලබා ගත හැකිය. Galaxy Travel Adapter (25W) ක මිල රුපියල් 3,389/- ක් වන අතර කේබල් හා Adapter එකක් රුපියල් 5,599/- ක් වැනි විශේෂ මිලකට ඔබට ලබා ගත හැකිය.

තවද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ UV Sterilizer ක මිල රු. 9,999/- ක් වන අතර Galaxy Z Fold3 Silicone Cover රු. 10,499/-ක් වැනි විශේෂ අඩු කළ මිලකට දැන් ඔබට මිලදී ගත හැකිය.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට විශේෂිත අඩු කළ මිලකට මෙම Galaxy උපාංග මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk සහ Daraz.lk මගින් ද ලබා ගත හැකිය.

Visits: 74