Q+ වෙතින් 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රු. 10,000 ක ත්‍යාගයක්

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී කීල්ස් සුපිරි වෙළෙඳසැල්, සෙන්-සාල් අවන්හල්, ෆැෂන් බග් (ප‍්‍රයිවට්) ලිමිඩට් සහ SLT-Mobitel වෙත ගෙවීම් කිරීමේදී මෙම දීමනා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් ගෙවීම් කටයුතු කරන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මුලින් කරන ගනුදෙනු තුන සඳහා එක් ගනුදෙනුවකට උපරිම රුපියල් 300 ක් දක්වා මුදල් ආපසු ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අතර, සැප්තැම්බර් මාසය අවසන් වනතුරු LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් බිල්පත් ගෙවීමේදී මෙම දීමනාව ලබාගත හැකිවේ.

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයද මෙම LANKAQR ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින අතර ජූලි 07 වනදා දක්වා මෙම ඇප් පහසුකම මගින් ස්කෑන් කර ගෙවීම් කරන වාසනාවන්ත ගනුදෙනුකරුවෙකුට දිනකට රුපියල් 10,000 ක් ලබාදීමට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය ඉදිරිපත් වී තිබේ. 

එසේම, ඊ-බිල් පතේ තිබෙන LANKAQR කේතය ස්කෑන් කර Q+ ඇප් පහසුකම භාවිතා කරමින් SLT-Mobitel බිල්පත් ගෙවන ගනුදෙනු කරුවන්ට 5GB නොමිලේ ඬේටා සහ මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට කතා කිරීමට නොමිලේ මිනිත්තු 300 ක කතා කාලයක් ලබාගැනීමටත්  මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට නොමිලේ කෙටි පණිවුඩ 300 ක් යැවීමටත් අවස්ථාව හිමිවේ. මෙම දීමනාව හිමිවන්නේ බිල්පතේ වටිනාකම රුපියල් 1000 කට වැඩිනම් පමණක් බව බැංකුව සඳහන් කරයි.  

Q+ ගෙවීමේ ඇප් පහසුකම මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තිබෙන වේගයෙන්ම ව්‍යාප්ත වන QR ඇප් සේවාව වන අතර LANKAQR යටතේ ආරම්භ කළ මෙරට පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම මෙය වේ. එසේම, නවතම දත්ත විශ්ලේෂණය කරමින් LANKAQR සඳහන් කළේ මෙය ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන අංක එකේ ගෙවීමේ ඇප් සේවාව බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තේ වෙළෙඳුන් විසින් නිකුත් කළ LANKAQR කේත ස්කෑන් කර සිදුකළ සාර්ථක ‘ස්කෑන් ඇන්ඞ් පේ’ ගනුදෙනු පිළිබඳව ලංකාපේ විසින් රැස්කර ගත් දත්ත පදනම් කරගනිමිනුයි.   

Visits: 45