vivo හි කැමරා තාක්‍ෂණයෙන් ජංගම දුරකථන ඡායාරූපකරණය සහ වීඩියෝකරණයෙහි නව ප්‍රවණතාවක්

වෙනස්වීම ජීවිතයේ එකම ස්ථිරතාවය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද  එහි වෙනසක් නොමැත. ගතවන සෑම දිනයක් පාසාම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විවිධ නවෝත්පාදනයන් රැසක් සිදුවන බව අපට දැකගත හැකිය. ප්‍රමුඛතම ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක්  වන vivo, ජංගම දුරකථන තාක්‍ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොහෝ කලක සිට කටයුතු කරනු ලබයි.

ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයට vivo විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික නවෝත්පාදන හේතුවෙන් අද වන විට පරිශීලකයන්ට ඡායාරූප ස්ටූඩියෝවක් තුලින් ලබා ගත හැකි ආකාරයේම ගුණාත්මක ඡායාරූප තම ජංගම දුරකථනය මගින් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

vivo විසින් ජංගම දුරකථන වෙත රැගෙන ආ සුවිශේෂී වැඩිදියුණු කිරීම් කිහිපයක් පහත දැක්වේ.

1.    Gimbal තාක්ෂණය සහ ZEISS සමඟ සහයෝගීතාවය
Optics සහ Optoelectronics අංශයෙන් ගෝලීය ප්‍රමුඛයෙකු වන ZEISS සමඟ සහයෝගිතාවයක් ගොඩනගා ගැනීම තුලින් Gimbal කැමරා තාක්‍ෂණය, ජංගම දුරකථන ඡායාරූපකරණ අත්දැකීම උපරිම ලෙස පරිශීලකයන්ට සැපයීම උදෙසා නිර්මාණය කර ඇත. එමගින් සමස්ත light sensing ක්‍රියාවලිය වඩාත් හොඳ කාර්ය සාධනයකින් සපයන අතර අඩු ආලෝකයකදී වුවද පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි විශාල ප්‍රමාණයේ සෙන්සරයක් සමගින් ultra-HD ගනයේ ඡායාරූප ලබා දෙයි.

2.     ZEISS T* ආලේපනය
vivo’s premium range flagship හි සහතික කරන ලද ZEISS T* Coating මගින් දෘශ්‍ය ආලෝක සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම, පරාවර්තනය අඩු කිරීම  සහ ඡායාරූප වල වර්ණ නිවැරදිව පිළිබිඹු කිරීම සිදු කරනු ලබයි. තවද එමගින් ආලෝකය, පරාවර්තනය  සහ අනෙකුත් දෑ තුලින් ඇතිකල හැකි  අහිතකර බලපෑම් අඩු කරන අතර ඡායාරූප වල ගුණාත්මකභාවය මෙන්ම ආලෝකය සම්ප්‍රේෂණය ද සැලකිය යුතු ලෙස වැඩි කරයි.

3.    Eye Autofocus
vivo විසින් හඳුන්වා දුන්, මෙම විශේෂාංගය මගින් අස්ථායී කැමරා චලනය නිසා ඇති වන නොපැහැදිලි, සෙලවෙන ඡායාරූප සහ වීඩියෝ හේතුවෙන් පරිශීලකයන් පත් වූ අපහසුතාවයට විසඳුමක් ලබා දෙයි. Eye Autofocus මගින්  චලනයේදී  පවා ඡායාරූප බාධාවකින් තොරව ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙයි. Autofocus (AF) සහිත ඉදිරිපස කැමරාවක් පැවතීම ඉතා සුවිශේෂී අංගයකි.

4.    Optical Image Stabilization (OIS)
Vivo හි  OIS ඉදිරිපස කැමරා තාක්‍ෂණය මගින් අනාගත ස්මාර්ට්ෆෝන් ඉදිරිපස කැමරා සඳහා, ප්‍රමිතිය සැකසීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන ලදී. OIS මගින්  මෘදුකාංග-දෘඪාංග සහයෝගීතාවයක් නිර්මාණය කරන අතර එමගින් handheld සහ motion shots සඳහා අතිශය ස්ථායීකරණ හැකියාවන් ලබා දෙයි. OIS යනු දුරකථනයේ චලනය හඳුනා ගනිමින් ඒ අනුව  ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීයව කැමරාව සැකසීමට උපකාරී වන දැවැන්ත තාක්‍ෂණයකි. එමගින් පරිශීලකයාට විශිෂ්ට සමස්ත ඡායාරූප අත්දැකීමක් ලබා දෙයි.

5.    Pop-up සහ Dual pop-up කැමරා
vivo,  pop-up කැමරාව වෙළඳපොළට ගෙන ආ ප්‍රථමයා වූ අතර ඉන්පසු අනෙකුත් වෙළඳනාම එය අනුගමනය කිරීම අරඹන ලදී. vivo හි ඉංජිනේරු කණ්ඩායම විසින් සැබවින්ම පහසු, ක්‍රියාකාරී සහ කල් පවතින කැමරාවක් නිර්මාණය කිරීම සඳහා pop-up කැමරාව සඳහා අවශ්‍ය සියලු  අධ්‍යයනයන් සිදු කරන ලදී.

6.    Selfie Spotlight
ඉදිරිපස පවතින Dual LED spotlight සතුව ක්ෂණිකව ආලෝක වැඩි කිරීමේ හැකියාව පවතී. පවතින ආලෝක තත්ත්වයන් නොතකා සෑමවිටම සුපැහැදිලි selfie ඡායාරූප ලබා දීම එමගින් සිදු කරයි. vivo විසින් නව්‍ය ලෙස සිය ජංගම දුරකථන වල ඉදිරිපස පුවරුව යටට OLED ස්පොට් ලයිට් දෙකක් එකතු කර ඇති අතර, එමගින් රාත්‍රියේදී පවා ඡායාරූප ස්ටූඩියෝවකින් ලබා ගත හැකි ආකාරයේ  ආලෝකයක්  සමගින්  ඡායාරූප  සහ වීඩියෝ පටිගත කිරීම් සිදු කිරීමට සහ අතිශය පැහැදිලි selfie ලබා ගැනීමට අවස්ථාව ලබා දේ.

7.    Dual-View Video
මෙම විශේෂාංගය මගින් ඉදිරිපස කැමරාව සහ පසුපස කැමරාව මගින් සිදුවීමට අවශ්‍ය කටයුතු එකවර ලබා ගැනීමට අවස්ථාව සලසා දේ. පරිශීලකයින්ට single tap එකක් මගින් එකවර, පසුබිම සහ ඔවුන්ව පටිගත කළ හැකිය. එය නිර්මාණකරුවන්ට සහ Live පටිගතකිරීම් ලබා දෙන්නන්ට ලැබෙන කදිම අවස්ථාවකි.

Visits: 35