ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා අද (ජූනි 22දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙහිදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව වෙත පිවිස ඇති අතර, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මෙලෙස ධම්මික පෙරේරා මහතා පත්වී තිබේ.

ඔහු මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම අවුරාලමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් පහක් විභාග කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කිරීමත් සමගින්ම අද දිනයේදී ඒ මහතා මෙලෙස එම ධුරයේ දිවුරුම් දීමසිදුව තිබේ.

මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමෙන් අනතුරුව ධම්මික පෙරේරා මහතා ඉදිරියේදී තාක්ෂණහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ නියමයෙන් දැනටමත් එම අමාත්‍යාංශය ගැසට් කර තිබේ.

Visits: 76