ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම වළක්වන පෙත්සම ඉවතට

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ බව වාර්තා වෙයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සිදු විය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නිතිපතිපතිවරයා නම් කෙරී තිබුණි..

මේ අතර, තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (20) සිය නීතීඥ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.

Visits: 128