LOLC හෝල්ඩිංග්ස් රු.බිලියන 2.2කට DFCC හි 9.99%ක කොටස් ප්‍රතිශතයක් අත්කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම DFCC බැංකුවෙහි කොටස් 40,235,529ක් මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය ජූනි 01 වැනිදා හිමිකම් නිකුතුවක් හරහා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙය DFCC බැංකුව මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 9.99%ක ප්‍රතිශතයකි.

මෙහිදී එක් කොටසක් රුපියල් 55.00ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.2ක් (2,212,954,095ක්) ලෙස සටහන්ව තිබේ.

2021 දෙසැම්බර් 31 වැනිදා වන විට DFCC බැංකුවෙහි කොටස් හිමිකාරීත්වය අනුව එහි වැඩිම කොටස් හිමිකම හැටන් නැෂනල් බැංකුව ගිණුම් අංක 01ට හිමිව තිබේ. එය කොටස් 47,789,949ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 14.91%කි.

Visits: 276