DOK Solutions Lanka, ISO 27001 සහතිකයෙන් පිදුම් ලබයි

රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත සිය තොරතුරු කළමනාකරණ සේවාවන් සහ ලේඛන සංරක්ෂණ සේවාවන් සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන DOK Solutions Lanka සමාගම පසුගියදා ISO 27001 සහතිකයෙන් පිදුම් ලැබූ බව පවසයි. සිය උසස් ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ තොරතුරු ආරක්ෂණයේ හොඳම භාවිතයන් යොදාගැනීම හේතුවෙන් එම සමාගමට මෙම සහතිකය හිමිව තිබේ. 

ISO 27001 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සම්මතයක් වන අතර ගනුදෙනුකරුවන්ගේ දත්ත/තොරතුරු හසුරුවන සමාගම් සඳහා උපකාරී වන හොඳම මෙවලම් වලින් එකකි.

මෙම සහතිකය මගින්, DOK Solutionsහි ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පාරිභෝගිකයින්ගේ වටිනා තොරතුරු ආරක්ෂාව සහ රහස්‍යභාවය සුරැකීම පිළිබඳ සමාගමේ ප්‍රතිඥාව තවදුරටත් ශක්තිමත් කරයි. ISO 27001 සහතිකය ව්‍යාපාර පාලනය කරන අංගයක් ලෙස ක්‍රියා කරන අතර ප්‍රතිපත්ති, පාලන සහ සුදුසු අවදානම් තක්සේරු කිරීම් මගින් තොරතුරු වත්කම්/සංවේදී දත්ත අඛණ්ඩව වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම හරහා ව්‍යාපාරයට පහසුකම් සපයයි.

එසේම මෙම සහතිකය මගින්, තොරතුරුවල සුරක්ෂිතතාව කළමනාකරණය කෙරෙහි සමාගම ඉහළ අවධානයක් යොමු කරන බවට සැපයුම්කරුවන්, පාර්ශ්වකරුවන් සහ ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් තහවුරු කරයි. තව ද, ව්‍යාපාරය අවදානමට නිරාවරණය වීමෙන් ආරක්ෂා කරන අතරම නව අවස්ථා රාශියක් පෝෂණය කරමින් සිය සේවාදායකයින්ගේ තොරතුරු වත්කම්/දත්ත සහ බුද්ධිමය දේපල කළමනාකරණය කිරීම සඳහා සංවිධානයක විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

DOK Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ප්‍රබෝධනී වනිගසුන්දර මහත්මිය අදහස් දක්වමින්, “අප වෙළඳපලට පැමිණ වසර 11ක් ඇතුළත ISO 27001 සහතිකය ලබාගැනීමට හැකි වීම පිළිබදව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම සහතිකය මගින් පාරිභෝගිකයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම පිලිබඳව අපගේ ඇති කැපවීම සහ අප ඉදිරිපත් කරන විසඳුම්වල ප්‍රායෝගික සහ නිවැරදි බව ද පෙන්වාදෙනවා.” යනුවෙන් පවසයි.

2010 දී පිහිටුවන ලද, DOK Solutionsශ්‍රී ලංකා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා ලේඛන සංරක්ෂණය කිරීම (Physical archiving)” ලේඛන පරිලෝකනය සහ ඩිජිටල් ලේඛනගත කිරීම (Document Scanning and Digital Archiving)” දත්ත ග්‍රහණය කිරීම (Insurance Policy Management), රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය (Data Capturing)” සහ සිය සේවාවන් වෙනත් ව්‍යාපාර සදහා සැපයීම ඇතුළුව පුළුල් පරාසයක ලේඛන කළමනාකරණ සේවා සපයයි.

සමාගම සතුව, ISO 27001 සඳහා විගණනය කර, සහතික කර ඇති ලේඛන ඩිජිටල්කරණය සහ දත්ත ඇතුළත් කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළු නවීනතම ලේඛන සංරක්ෂිත ගබඩා 03ක් සහ අංගසම්පූර්ණ ගබඩාවක් පවතියි. පසුගිය දශකය තුළ සමාගම සිය මෙහෙයුම් ක්‍රමයෙන් 21% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් (CAGR) සමඟ ස්ථාවර ආදායම් වර්ධනයක් අත්කර ගනිමින් එහි පාරිභෝගික සේවා පදනම පුළුල් කර ඇත. සමාගම ප්‍රමුඛ පෙළේ බැංකු, රක්ෂණ සමාගම්, මුල්‍ය සමාගම්, පුද්ගලික රෝහල්, අධ්‍යාපන ආයතන, නිෂ්පාදන සමාගම්, සිල්ලර අංශය සහ අනෙකුත් ආයතන ඇතුළු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන්ට සේවය සපයයි.

Visits: 68