HNB Finance PLC මූල්‍ය ස්ථාවරත්වයේ ප්‍රශස්ත වර්ධනයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCEසිය ප්‍රධාන මූල්‍ය නිර්ණායකයන් හි ප්‍රශස්ත මූල්‍ය කාර්යසාධනයක් සනිටුහන්කරමින් HNB FINANCEහි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.

2020-21 වසරේදීසිදුවූපාඩුලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මුහුණදුන් දැඩි සමාජ ආර්ථික අභියෝග රැසත් මධ්‍යයේමෙම කැපී පෙනෙන වර්ධනය හිමිකර ගැනීමට HNB FINANCEසමත් වූඅතර, උපායමාර්ගිකව්‍යාපාරතීරණයක්ලෙස ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමද  අත්පත් කරගන්නාලදී.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමූහ ශුද්ධ පොළී ආදායම සහ සමූහයේ මෙහෙයුම් ආදායම (Group Net Interest Income and Group Total Operating Income ) රුපියල් මිලියන 3,903.9ක් සහ රුපියල් මිලියන 4,929.9 ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය (Profit Before Tax) රුපියල් මිලියන 615.9ක් විය.

සලකා බලනු ලැබූ කාලසීමාව තුළ HNB FINANCEහි සියලු ව්‍යාපාරික අංශයන් සැලකිය යුතු ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පවතින ආර්ථික තත්වය තුළ ගැලපෙන පරිදි ණය සේවා පවත්වාගෙන යෑම සහ පිරිවැය උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම යන ක්‍රියාමාර්ග මේසඳහා හේතු විය.  පසුගිය මූල්‍ය වර්ෂය තුළ HNB FINANCEසමූහයෙහි ණය සහ තැන්පතු අනුපාතය (Loan-to-Deposit ratio) 123.36%ක් වශයෙන් වාර්තා වූඅතරඉන් සමූහයේ ශක්තිමත් ද්‍රවශීල තත්වය (liquidity position) තවදුරටත්තහවුරුවිය..

HNB FINANCEPLC මේ වන විට විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසකින් සමන්විත වන අතර ක්ෂුද්‍ර මූල්‍ය සේවා, ලීසිං, රන්ණය, දේපළ ණය හා ව්‍යාපාරික ණය මීට අයත් වෙයි.

“අභියෝග රාශියක් මධ්‍යයේ සෑම සේවා අංශයක්ම ආවරණය වන පරිද්දෙන්ම HNB FINANCEවාර්තා කළ මෙම මූල්‍ය කාර්යසාධනය සමාගමේඅභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, අරමුණු කරා ගමන් කිරීමේ කැපවීම මනාව පෙන්නුම් කරන බව මගේ අදහසයි. විවිධාංගීකරණය වූ අපගේ මූල්‍ය සේවා සහ ප්‍රයිම් ෆිනෑන්ස් අත්පත් කර ගැනීමෙන් ලද සහසම්බන්ධතාද සමග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට HNB FINANCEසමාගමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම මෙරට විශාලතම පුද්ගලික බැංකුවක් වන HNB හි සවියත් , දේපළ වෙළෙඳාමේ ප්‍රමුඛයා වූ ප්‍රයිම් සමූහයේ අත්වැලත්HNB FINANCEහි වර්ධන ගමන් මගේ අරමුණු ජය ගැනීමට විශාල ජවයක් සපයන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් HNB FINANCEPLCහි සභාපති දිල්‍ෂාන් රොද්‍රිගෝ මහතා පැවසීය.

“අපගේ විවිධාංගීකරණය වූ ණයකළඹ නිසාම වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය තුළ ආයතනය ස්ථාවර තත්වයකපවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවදුරටත් අපගේ ප්‍රමුඛතම සේවාවන් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය , කුඩා හා මධ්‍ය පරිමාණ ණය, ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම අපි අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ එක් ප්‍රමුඛතම ගාමක බලයක් වන බැවින් කවර බාධක මධ්‍යයේ වූවද මෙම අංශයන්ට අවශ්‍ය මූල්‍යසේවා ලබා දීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගනු ලබනවා. එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරිම, ව්‍යාපාරයන් යළි ගොඩ නැංවීම සහ ඔවුන්හට ඩිජිටල් සේවාවන් ඔස්සේවඩාත්කාර්‍යක්‍ෂමසේවාවක්ලබාදීම ආදිය අපි මේ වනවිටත්  සිදුකරගෙන යමින් සිටිනවා”යනුවෙන් HNB FINANCEPLC හි කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

බහුතර කොටස් හිමියන්ගේ එකඟතාව මත මෙම වසරේ මැයි මාසය අවසන් වන විට ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට HNB FINANCEPLC සමත් වූ අතර  ප්‍රයිම් ෆිනෑන්ස් සතුවතිබූ ශාඛා 7 වර්තමානය වන විට HNB FINANCEශාඛා ජාලයට එක් වී ඇත. මෙම අත්පත් කර ගැනීම සමගින් HNB FINANCEහි මුළු වත්කම් පදනම 2022 මාර්තු 31වන දිනට රුපියල් බිලියන 46.56ක් විය. මේ සමග ප්‍රයිම් ෆිනෑන්ස් හි වත්කම් මත පදනම් වූ ණය සංචිතය  HNB FINANCEහි ශේෂ පත්‍රයෙහි අවදානම් බෙදීම වඩාත් ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට සමත් වී ඇත. එමෙන්ම ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමේ දේපළ වත්කම්මත ණය ලබාදීමේවෘත්තීයමය හසල පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලය HNB FINANCEහි මානව සම්පත් ශක්තියවර්ධනය කිරීමට ඉවහල් වන අතර HNB FINANCEහි මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රශස්ත මට්ටකට රැගෙන ඒමට උපකාරී වනු ඇත.

Visits: 94