CurveUp මගින් AWS re/Start Cloud නිපුණතා පුහුණුවීම් පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ නොමිලේ

Cloud පරිගණක ක්ෂේත්‍රයේ වැඩි වෙමින් පවතින නිපුණතා පරතරයට විසඳුම් සැපයීම සඳහා පුද්ගලයින්ගේ Cloud නිපුණතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා ප්‍රධාන තාක්ෂණික උපදේශන හා අධ්‍යාපන ආයතනයක් වන CurveUp, AWS ආයතනය සමග එක්ව නොමිලේ පරිගණක නිපුණතා සංවර්ධන හා රැකියා පුහුණුවීම් ශ්‍රී ලංකාව පුරා AWS re/Start වැඩසටහන තුළින් ලබා දීමට කටයුතු කරයි.

සම්මුඛ පරීක්ෂණ හා අයදුම්පත් ලිවීම වැනි ප්‍රායෝගික නිපුණතා ඇතුළුව, සති 12ක පුහුණු පාඨමාලාවක් වන AWS re/Start වැඩසටහන පුද්ගලයින්ව මුලික Cloud නිපුණතා මගින් රැකියා සඳහා සුදානම් කිරීම පිණිස සකස් කර ඇත.

ක්ෂේත්‍රය පිළිබඳ විශාල උනන්දුවක් දක්වන ලක්ෂ එකහමාරක සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෙයි. ශ්‍රී ලංකාවේ Cloud ආවරණය මුළු ජනගහනයෙන් 50%ට වැඩි වන අතර, කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ මාර්ගගත අධ්‍යාපනය තවත් දියුණු වී ඇත. මෙම වෘත්තීය මාර්ගයට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි සිතිය හැකි පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් විවිධත්වයෙන් යුත්‍ නව AWS re/Start නිපුන ගෝලීය සංසදයක් තැනීමට CurveUp සහ AWS re/Start එකතුව උපකාරී වෙයි.

තොරතුරු තාක්ෂණ අත්දැකීමක්‌ හෝ සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයක් නොමැති වුවද, සීඝ්‍රයෙන් නිර්මාණය වන තාක්ෂණ ක්ෂේත්‍රයේ නව වෘත්තීන් ආරම්භ කරන්නට අවශ්‍ය රැකියා විරහිත හෝ ඌන සේවානියුක්ත පුද්ගලයින් සුදානම් කිරීමට මෙම වැඩසටහන උපකාරී වේ. රටේ පවතින විවිධ නිපුනත්ව හා සම්පත් රාශිය දෙස බලන කළ ශ්‍රී ලංකාවට අති විශාල විභවයක් පවතිනවා,” යනුවෙන් CurveUp නිර්මාතෘ මොහොමඩ් ෆවස් පැවසුවේය. ” AWS සමග මෙම සහයෝගිතාව පිළිබඳව අපි ඉතා සතුටු වනවා. AWS re/Start වැඩසටහන ආරම්භ කිරීම තුළින් තමන්ගේ දැනුම හා Cloud පිළිබඳව නිපුනත්ව දියුණු කර ගැනීමට කැමති අයට අවස්ථා රැසක් විවර විය හැකියි. විවිධ ජීවන රටාවන් ඇති පුද්ගලයින් පිළිගැනීමට අපි සුදානමින් සිටිනවා.”

Linux, Python, වැනි මුර්දුකාංග, ජාලගත කිරීම හා ආරක්ෂණය, සහ සම්බන්ධක දත්ත සමුදාය (relational databases) කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධනය කිරීම පිළිබඳව මෙම වැඩසටහන කේන්ද්‍රගතවී ඇති අතර, ඊට අවස්ථා මත පදනම් වූ අභ්‍යාස, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ පාඨමාලා අඩංගු වේ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් තුළින් සහතිකලත් හා අත්දැකීම් බහුල පුහුණුකරුවන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබේ. ආධුනිකයින් සඳහා AWS re/Start නොමිලේ ලබාදෙන අතර, AWS Certified Cloud Practitioner විභාගයට මුහුණදීම සඳහා යන වියදමද අඩංගු වේ. මෙම AWS සහතිකය තුළින් ආධුනිකයින්ගේ නිපුණත්වයන් ක්ෂේත්‍රය විසින් පිළිගන්නා මට්ටමකට වලංගු කිරීමට උපකාරී වේ.

“ශ්‍රී ලාංකිකයෙකු ලෙස AWS re/Start අප රටේ දියත් කිරීම පිළිබඳව මම ආඩම්බර වනවා,” යයි ASEAN කලාපයේ Amazon Web Services Singapore Private Limited සමාගමේ AWS පුහුණු හා සහතික කිරීම් ප්‍රධානී, ඉමානුඑල් පිල්ලේ සඳහන් කර සිටියා. “AWS re/Start තුළින් ශ්‍රම බලකායට ‘නව-අන්තර්ජාල’ නිපුණත්වය ඇති පුද්ගලයින් එකතු වනවා. එමගින් පුද්ගලයින්ට Cloud දත්ත ගබාඩාව තුළ සාර්ථක වෘත්තීන්වල නියැලීමට අවස්ථාව ලැබෙන අතර, ආයතන වලට වැඩි ඉල්ලුමක් ඇති නිපුනත්වයන් එකතු කොට තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමට අවස්ථාව සලසා ප්‍රජා දියුණුවට මුල පුරනවා. CurveUp සමග එක්වී විවිධත්වයක් ඇති, ශක්තිමත් අනාගත Cloud බලකායක් තනා AWS Cloud යොදා ආයතනයන්ට තමන්ගේ නිර්මානශීලී බව වේගවත් කිරීමට බලගන්වනවා.”

AWS re/Start තුළින් අවසාන වශයෙන් සිදු වන්නේ Cloud මෙහෙයුම්, ස්ථානවල විශ්වාසනීය බව, හා යටිතල පහසුකම් උපකාරක වැනි මූලික Cloud කාර්යභාරයන් සඳහා සුදානම් කිරීම වේ. AWS re/Start සමග මෙම සහයෝගිතාව තුළින් ශ්‍රී ලංකාවේ Cloud නිපුණත්වය පෝෂණය කොට එතුළින් ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ඇති වන සේ ශක්තිමත් පුහුණුවීම් පරිසරයක් ඇති කිරීමට CurveUp සමාගමට හැකි වේ. භාවිත නොකළ නිපුණත්වයන් හඳුනාගෙන රටේ විශාල සේවාදායකයින් රාශියක් සමග ඔවුන්ට රැකියා අවස්ථා සමග සම්බන්ධ වීමට අවස්ථාද ඇති විය හැක.

AWS re/Start වැඩසටහන යනු ලොව වටා මිලියන 29ක් වන ජනතාවකගේ Cloud පරිගණක නිපුණතා 2025 වන විට නොමිලේ දියුණු කර ගැනීමට Amazon ආයතනය විසින් දරන උත්සාහයේ කොටසකි.

මෙම වැඩසටහන පිළිබඳව වැඩි විස්තර සඳහා https://aws.amazon.com/training/restart/ වෙත පිවිසෙන්න.
මෙම වැඩසටහන සඳහා මෙතනින් අයදුම් කළ හැක – https://gocurveup.com/aws-re-start/

Visits: 110