සමුද්‍ර ආරක්ෂණය සඳහා වූ Samsung හි කැපවීම ලෝක සාගර දිනයේදී යළිත් අවධාරණය කරයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් ඉවත දැමූ ධීවර මාළු දැල් ඔවුන්ගේ smartphones වලට එක්කරන ප‍්‍රයත්නය සමඟින් සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම උදෙසා ඇති ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කරයි.

පසුගිය දශකය පුරාවට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමුකරමින් තම නිෂ්පාදන සැලසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කළේය. සැම්සුන් හි ඒ වෙනුවෙන් වූ නවතම පියවර වූයේ මෑතකදී Galaxy තාක්ෂණය සහිත නව අමුද්‍රව්‍යයක් නිර්මාණය කිරීමයි. සාගර ආශ‍්‍රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්‍රව්‍ය නිපදවනු ලබයි.

ඉවතලන ධීවර මාළු දැල් සාගර ජීවීන්ට සහ ස්වභාවික පරිසර පද්ධතිවලට බරපතල තර්ජන එල්ල කරයි. මුහුදු ජලයට සහ පාරජම්බුල කිරණවලට දිගු කාලීනව නිරාවරණය වීම හේතුවෙන් මාළු දැල් දිරාපත් වී කැබලි ලෙස ජලයට මුසුවන අතර එය නැවත වැඩිදියුණු කිරීම අපහසු වෙයි. මෙම ගැටළුවට පිළියමක් සොයා ගැනීම සඳහා සාගර සුරකින අතරතුර සැම්සුන් සිය smartphones වල ගුණාත්මකභාවය පවත්වා ගෙන යන අමුද්‍රව්‍යයක් ද නිර්මාණය කළේය.

බාධක බිඳ දමමින් කාර්යසාධනය සහ තිරසාරත්වය පවත්වාගත හැකි නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සියලූදෙනාගේ සහයෝගීතාව ඉතා වැදගත් බව සැම්සුන් සැමවිටම විශ්වාස කරයි. එබැවින් නව හැකියාවන් තුළින් සාගර දුෂණය යන සංකීර්ණ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් සැම්සුන් මේ හා සමාන අදහස් දරන තවත් සංවිධාන සමඟ අත්වැල් බැඳගත්තේය.

සැම්සුන් පළමු වරට විද්‍යාව පදනම් කරගත් ප‍්‍රමුඛ සමාගමක් වන Royal DSM සමඟ හවුල්කාරීත්වයෙන් ඉන්දියන් සාගරයේ වෙරළ තීරයේ ධීවරයින්ගෙන් ධීවර මාළු දැල් එකතු කිරීම සිදු කරයි. ධීවර මාළු දැල් එකතු කිරීමෙන් පසු අවම වශයෙන් ඉන් 80% ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලිමයිඞ් හෝ නයිලෝන් වලින් සමන්විත පරිසර හිතකාමී ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා ඒවා වෙන් කිරීම, කැපීම, පිරිසිදු කිරීම සහ නිස්සාරණය කිරීම සිදු කරයි.

පසුව smartphone තාක්ෂණය සඳහා සමාගමේ උසස් තත්වයේ ප‍්‍රමිතීන්ටම ගැලපෙන පරිදි එහි ක‍්‍රියාකාරිත්වය ප‍්‍රශස්ත කිරීම සඳහා පොලිමර් සංයෝග සමාගමක් වන Hanwha Compound සමඟ සැම්සුන් සහයෝගයෙන් කටයුතු කරයි. මෙම නව අමුද්‍රව්‍ය ඉහළ කාර්යසාධනයක් සහිත පොලිමයිඞ් කැබලි බවට පරිවර්තනය කරන අතර ඒවා අවම වශයෙන් 20%ක් repurposed ධීවර මාළු දැල් වලින් නිපදවා ඇත.

මෙම අමුද්‍රව්‍ය මේ වන විට ජංගම දුරකතන තාක්ෂණය හා සම්බන්ධ කිරීමට සූදානමින් සිටින අතර සැම්සුන් විසින් Galaxy S22 කාණ්ඩයේ key bracket සහ S Pen හි ඇතුළත ආවරණය ආදී ප‍්‍රධාන කොටස්වලට මෙම වැඩිදියුණු කළ පොලිමයිඞ් කැබලි යොදා ගෙන ඇත.

මෙය ආරම්භය පමණි. සැම්සුන් සිය නිෂ්පාදන හරහා සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් භාවිතය වෙනසකට ලක් කිරීමට කැපවී සිටී. 2022 අවසානය වන විට සැම්සුන් හි ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ සාගර ආශ‍්‍රිත ද්‍රව්‍ය නැවත භාවිතයට ගැනීමෙන් ඉවත දැමූ ධීවර මාළු දැල් ටොන් 50කට වඩා වැඩි ප‍්‍රමාණයක් සාගරයට එක්වීම වළක්වා ගත හැකිය.

Galaxy S22 මාලාව පරිසරය උදෙසා වූ Galaxy for the Planet යන සැම්සුන් හි තිරසාර ගමන් මගේ තවත් පියවරක් සනිටුහන් කරයි. එය MX Business හරහා ස්ථාවර දේශගුණික රටාවක් සඳහා සමාගමේ ඇති කරන ලද වෙනස්කම්, නවෝත්පාදන සහ විවෘත සහයෝගීතාවයේ ශක්තිය මුදා හැරීමටත් Galaxy පාරිභෝගිකන් වෙත තිරසාර ජීවන රටාවක් උරුම කර දීමටත් අරමුණු කරයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ද්‍රව්‍ය භාවිතය වැඩි කිරීම, අපතේ යන බලය අවම කිරීම (reducing standby power), ඇසුරුම්කරණයේදී එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් ඉවත් කිරීම සහ 2025 වන විට කසල ගොඩවල් ලොවින් තුරන් කිරීම ආදිය මෙයට ඇතුළත් වේ.

Visits: 56