සම්පත් බැංකුවෙන් 2022-23 පළමු කාර්තුව සඳහා රු. බිලියන 4.7ක බදු පසු ලාභයක්

තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 6.5 ක් හා බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් වාර්තා කිරීමට සමත් වූ බව පවසයි.

ඒ අනුව මෙය ණය අත්තිකාරම් සහ ආයෝජන සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමෙන් ද පසුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 5.3෴ක හා 2.9෴ක වර්ධනයකි. 

විශේෂයෙන්ම පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් ත‘බීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛතාව දීමට තමන්ට හැකි වූ බව සම්පත් බැංකුව පවසයි.

ඒ අනුව සම්පත් බැංකුව හා සමූහය විසින් 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල මෙසේය,  එහිදී සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමගම ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් විය.

එසේම ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 47%කින් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ආදායම 248%කින් වර්ධනය විය.

කාඩ්පත් හා වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගත් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ 74.6%ක සැලකිය යුතු වර්ධනයක් කාර්තුව තුල දී ළඟා කරගත හැකි විය.

මීට අමතරව ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් අවම කර ගැනීමට ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

මේ අතර, සමූහයේ බදු පසු ලාභය 4.9%ක ආන්තික පහල බැසීමක් වාර්තා කළ අතර බදු පෙර ලාභය 1.6%ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව සමූහයේ බදු පෙර ලාභය හා බදු පසු ලාභය 2022 පළමු කාර්තුව සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 6.8ක් හා රුපියල් බිලියන 4.9 ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව 2022 මාර්තු 30 වැනි දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී බැංකුවේ කොටස් හිමියන් විසින් 2021 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 4.25ක පළමු හා අවසාන මුදල් ලාභාංශයක් අනුමත කිරීමක්ද සිදුවිය. එහිදී බැංකුව විසින් 2022 මාර්තු 31 දිනට එහි මූල්‍ය ප්‍රකාශනවල අනුමත වූ අවසන් ලාභාංශ සඳහා රුපියල් මිලියන 4,864ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලද අතර එම ලාභාංශ මුදල් 2022 අප්‍රේල් මාසයේදී ගෙවීම සිදු කර තිබේ.

Visits: 133