මහ බැංකු අධිපති හා අගමැති අතර මතභේදයක් නෑ – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර යම් මතභේදයක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන පුවත් සත්‍යතාවයෙන් තොර බව මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියි.

ඒ අනුව මේ වනවිට දෙදෙනා අතර ඉතාමත් හොඳ සහයෝගී සබඳතාවක් පවතින බවත්, ඒ හරහා ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් වරක් නිවැරදි මාවතට ගැනීමේ කටයුත්තේ යෙදී සිටින බව යළි යළිත් පවසන බවත් මහ බැංකුව සඳහන් කරයි.

“මහ බැංකු අධිපතිවරයා ඉතාමත් තදබල ලෙස මෙම අදහස ප්‍රතික්ෂේප කරන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ප්‍රකෘතිමත් කිරීම සඳහා වන කටයුත්ත වෙනුවෙන් ඔහු සහ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉතාමත් සුහදශීලී සබඳතාවක් ඉදිරියටත් පවතින බවත් සඳහන් කරයි.” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 95