ශ්‍රී ලංකාවේ අගනාම දේපොළ වෙළඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි

2021 වසර සඳහා වඩාත්ම අගනා දේපොළ වෙළඳ සන්නානාමය ලෙස Prime Lands Residencies PLC සමාගම නම් කෙරේ. LMD සඟරාවේ Brand Finance විසින් වාර්ෂිකව ප්‍රකාශ කරන ශ්‍රී ලංකාවේ වඩාත්ම අගනා සන්නාම පෙළගැස්ම මෙසේ නම් කර තිබේ. ‘අස්ථාවරත්වය මැද සහනය’ මෙවර තේමාව විය.

“වසංගතය පහව යනු බව‍ට බලාපොරොත්තු තිබුනද, පෙර වසරට වඩා 2021 වසර නොවෙනස් විය. තිබූ විවිධ අභියෝග රැස එලෙසින්ම අප සියල්ලන්ට බලපෑම් කරන්නට විය. එතුළින් ව්‍යාපාර වලට, සන්නාම වලට, ආර්ථිකයට හා විශේෂයෙන් පාරිභෝගිකයින්ගේ මිලට ගැනීමේ ශක්තියට, දැඩි බලපෑමක් එල්ල විය,” යනුවෙන් Brand Finance Lanka සභාපති, රුචි ගුණවර්ධන මහතා පැවසුවේය. “වසර 2021 සඳහා සන්නාම විශ්ලේෂණය සිදු කරන ලද්දේ මෙම අස්ථාවරත්වය සහ බලවත් ආර්ථික කැළඹීම මැදයි. ව්‍යාපාරික තිරසාරබව රඳා පවතින්නේ බාහිර බලපෑම් ඉදිරියේ සන්නාම අනුහුරු වන ආකාරය මතයි.”

“දේශීය දේපොළ වෙළඳ සන්නාමයක් ලෙස Prime සමූහයට ලැබුණු මෙම සහතිකය ගෞරවයක් ලෙස අප සළකනවා,” යයි Prime සමුහයේ සම සභාපති සඳමිනී පෙරේරා මිය සඳහන් කළාය. “ඉඩම් හා දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් කිරීමට දායක වීම සඳහා අපගේ කැපවීම එලෙසින්ම පවතිනවා.”

සන්නාම අගය කිරීම් හඳුන්වා දෙමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙම සන්නාම අගය කිරීමේ අධ්‍යයනය සම්පුර්ණයෙන්ම සත්‍ය තොරතුරු මත පදනම් වූවක් වන අතර, වෙළඳපොළ පර්යේෂණ හා සමාගම්වල ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය තොරතුරු පුළුල් ලෙස යොදා ගෙන ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේපොළ වෙළඳ සන්නාමය වීම හා උසස්තම සහ රටේ වටිනාම පාරිභෝගික සන්නාමයක් වීම පිළිබඳව අපි ඉතා නිහතමානීව සතුටු වනවා,” යයි පෙරේරා මිය කීවාය. “සිව් වසරක් පුරා LMD සඟරාව අපව වැඩිම ගෞරවයට පාත්‍රවූ දේපොළ වෙළඳාම් ආයතනය ලෙස හා දෙවසරක් වැඩිම පිදුම් ලැබූ දේපොළ වෙළඳාම් ආයතනය ලෙස ශ්‍රේණිගත කොට තිබෙනවා,” යයි ඇය පැවසුවාය.

“Great Place to Work ආයතනය විසින් අපගේ කණ්ඩායම, කැපවීමෙන්, මහත් ආශාවෙන් හා අරමුණු සහගතව ක්‍රියා කරන කණ්ඩායමක් ලෙස සය වසරක් පුරා පිළිගෙන තිබෙනවා.”

Prime සමූහය යනු Moody’s ආයෝජන සේවාවට අයත් සී. ස. ICRA Lanka සමාගමෙන් ප්‍රථම හා ඉහළතම [SL] A (Stable) ණය ශ්‍රේණිගත කිරීම ලැබූ ශ්‍රී ලංකාවේ ඉඩම් හා දේපොළ වෙළඳාම් ආයතනයයි. දිවයින පුරා දිස්ත්‍රික්ක 18 ක විහිදුනු 30 කට අධික තනි නිවාස ව්‍යාපෘති, ඉඩම් ව්‍යාපෘති සහ කොළඹ සහ නාගරික පෙදෙස්වල පිහිටි 43 කට අධික මහල් නිවාස ව්‍යාපෘති ප්‍රමාණයක් Prime සමූහය සතුව ඇත.

Visits: 120