ඒෂියන් බෑන්කර් සඟරාව මගින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB නම් කරයි

පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් හැටන් නැෂනල් බැංකුව අභිසෙස් ලබා තිබේ.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි. ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක‍්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’HNB ආරම්භ කරන ලද්දේ අවංකභාවය සහ සේවාව මත ගොඩනැගුණු සැබෑ හවුල්කාරිත්වයන්ගේ ප‍්‍රගතිය උදෙසා වන මූලධර්මය මතයි. වසර 134 ක් පුරා පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගනිමින් මහත් අභිමානයකින් සහ වගකීමකින් අපි මෙම සේවාව පත්වාගෙන යනු ලැබුවා. බැංකුව සිය හැකියාවන් නිරන්තරයෙන් පරිවර්තනය කිරීමටත්, රටේ යහපත් හා අයහපත් කාලවලදී ශ්‍රී ලාංකිකයින්ට හැකි සෑම අවස්ථාවකම සේවය ලබා දීම සඳහා කාලයත් සමඟින් ඉදිරියට යාමට මෙම වටිනාකම් ඉහවල් වුනා.” යනුවෙනි.

”ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස 12 වැනි වරටත් ඇගයීමට ලක් වීම සැබවින්ම අද්විතීය සහතිකයක් වගේම මෙය අපගේ සමස්ත කණ්ඩායමේ කැපවූ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. ඉදිරිය දෙස බැලීමේදී අපට පෙර නොවූ විරූ අභියෝගවලට සාර්ථකව මුහුණ දී වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් කැපවීමට අපට සිදුවෙනවා. ප‍්‍රගතියෙහි සැබෑ සහකරුවෙකු ලෙස මෙරට ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට අපගේ සමස්ත HNB කණ්ඩායමම ස්ථිරව සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

පාරිභෝගික බැංකුකරණය යනු HNB හි ප‍්‍රමුඛතම අංශයකි. එය දිවයින පුරා විසිරී සිටින මිලියන 2.5 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරානු ලබයි. බැංකු ශාඛා 255ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 795කින් සමන්විත බැංකුවේ පුළුල් පාරිභෝගික සේවා ජාලයට අමතරව HNB පාරිභෝගිකයින්ට දුරස්ථව සිට ගනුදෙනු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂාව සහිත විකල්ප ලබා දීම සඳහා ඩිජිටල් බැංකු සේවා හා ප‍්‍රවාහයන් වඩාත් උපරිම ලෙස භාවිත කරන පුරෝගාමියා ද වෙයි.

මෙම ප‍්‍රයත්නයන්ට සමගාමීව බැංකුව ස්වයංක‍්‍රීය chat සේවා ස්ථාපිත කිරීම සඳහා රොබෝ ක‍්‍රියාවලි ස්වයංක‍්‍රීයකරණය (RPA) ක‍්‍රියාවට නැංවීම මගින් ඉහළ නංවා ඇති සිය පාරිභෝගික සේවා හැකියාවන්හි නව වැඩිදියුණු කිරීම් කරමින් සිටී. මෙමගින් පාරිභෝගිකයින්ට HNB හි පුළුල් පරාසයක බැංකු සේවා පිළිබඳ තොරතුරු වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව ලැබේx මෙයට පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදු විය හැකි  ඕනෑම ගැටළුවක් සඳහා සහායක සේවාවක් ලබා ගැනීමේ අවස්ථාවද ඇතුලත්ය.

බැංකුවේ ජංගම ගිණුම්, ඉතුරුම් ගිණුම් (CASA) තැන්පතුවල ශක්තිමත් වර්ධනය පිළිබිඹු කරමින් සැලකිය යුතු අභියෝග මධ්‍යයේ වුවද පසුගිය වසරේදී බැංකුව නැවතත් ශක්තිමත් සහ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කළේය. මේ අතර බැංකුව එහි පාරිභෝගික බැංකු සේවා ජාලයට ප‍්‍රිමියර් ජංගම ගිණුම, බාල වයස්කාර දරුදැරියන් සඳහා අයෝජන සැලසුම හා Teen Plus ඉතිරි කිරීමේ ගිණුම යනුවෙන් නව සැලසුම් තුනක් හඳුන්වා දුන්නේය. Teen Plus ඉතිරි කිරීමේ ගිණුම සමඟ හිමි වන ඩෙබිට් කාඞ්පත මගින් නව යෞවනයින්ට ඔවුන්ගේ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමට හා ඒ පිළිබඳව සටහනක් තබා ගැනීමට හැකියාව ලැබේ.

වඩාත් තාක්ෂණ බැංකුවක් ලෙස එම ක්ෂේත‍්‍රය තුළ සිය නායකත්වය පෙන්නුම් කරමින් HNB SOLO, විශේෂයෙන්ම COVID වසංගතයෙන් පසු කාල පරිච්ෙඡ්දයේදී ඉතා වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතින  බැංකු ගිණුම්, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් හරහා සම්බන්ධිත ඩිජිටල් ගෙවීම් වේදිකා සඳහා ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන (one-stop-shop) වැනි පෙරළිකාර හා නව්‍ය වේදිකා රැසක් HNB හඳුන්වා දුන්නේය.

මේ අතර HNB හි Mobile Banking යෙදවුම 300,000 ට වැඩි සක‍්‍රීය පරිශීලකයින් සංඛ්‍යාවක් භාවිත කරනු ලබන අතර එය ශ‍්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුමක් ද වෙයි. ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ඉවත් කර ගැනීම සඳහා මෑතකදී එකතු කළ නවතම විශේෂාංගය ද ඇතුළුව මෙම යෙදවුමේ හැකියාවන් ඉහළ දමමින් එය නිරන්තරයෙන් අළුත් කරමින් සිටී.

ඉදිරියේදී ඩිජිටල් බැංකුකරණ සේවා කඩිනමින් වෙළඳපොළට හඳුන්වා දීමට  බැංකුවට අවස්ථාව ලබා දෙන බහුකාර්ය ඩිජිටල් ස්ථරයක් ක‍්‍රියාත්මක කිරීම හරහා ඩිජිටල් බැංකුකරණයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කර ගැනීම HNB හි අරමුණයි. මෙමගින් බැංකුවට නව තාක්ෂණික බැංකු සේවාවන් සීඝ‍්‍රයෙන් හඳුන්වා දීම සඳහා Fintechs සමඟ සමීපව කටයුතු කිරීමට හැකියාව ලැබී ඇත.

”අපගේ අති නවීන back-end අංශයේ පරිවර්තනයේ ආරම්භයත් සමඟම HNB අපගේ සේවා හැකියාවන් පුළුල් කිරීම සඳහා වේගයෙන් සූදානම් වෙමින් සිටිනවා. මෙය ජාතික ආර්ථිකය නැවත නගා සිටුවීමට සහ පුනර්ජීවනයට සහාය වීමට බැංකුවට ඇති හැකියාව ශක්තිමත් කරන්නක් වගේම අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. තාක්ෂණය සඳහා අප කර ඇති ආයෝජන සහ අපගේ ගනුදෙනුකරුවන් කොතැන සිටියත් අඛණ්ඩවම බැංකුකරණ විසඳුම් ලබා දීමේ අප ලබා දුන් පොරොන්දුව ඉටු කරන, අපගේ සාමාජිකයින්ගේ විශේෂඥතාව ගොඩනැගීම අතිශයින් විශ්වාසදායක, ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන, දුරස්ථව සිට ප‍්‍රවේශ විය හැකි බැංකු අත්දැකීමක් සඳහා අඩිතාලම දමනවා.’’ යනුවෙන් HNB පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

Visits: 64