SLIIT හි පර්යේෂණයක් ‘Sustainability’ සඟරාවේ ප්‍රකාශනය වෙයි

SLIIT ආයතනය, ඕනෑම පර්යේෂණයක් අපේක්ෂා කරන, සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ අගයක් ලබාදෙමින් ඒ සඳහා සහයක් ලබාදෙනු ලබන පර්යේෂණ සංස්කෘතියක් ගෙන හැර දක්වන ආයතනයක් ලෙස පිළිගැනීමක් හිමි කරගෙන ඇතැයි පවසයි.

මෙහිදී SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නිල්මිණි රත්නායක මහත්මිය එම පර්යේෂණ නිමැවුම් සඳහා දායකත්වය ලබා දෙයි. ඇය ඉහළ පෙළේ ශ්‍රේණිගත සඟරාවක් වන ‘Sustainability’ හි සිය පර්යේෂණ ප්‍රකාශයට පත්කිරීමේ සාර්ථකත්වය අත්කර ගනු ලැබූ SLIIT හි නවතම විද්වතා බවට පත්වීමේ ඉහළ ගෞරවය හිමි කරගැනිමට පසුගියදා සමත්ව තිබේ.. 

රත්නායක මහත්මිය B.Sc. රාජ්‍ය කළමනාකරණ (විශේෂ) උපාධිය (පළමු පන්ති සාමාර්ථයක් සහ රන් පදක්කමක් සහිතව) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණකර ඇති අතර ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ MPhil උපාධිය සඳහාද අධ්‍යයන කටයුතු කරමින් සිටින්නීය.  ඇය සිය පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීම හා ඇගේ අදහස් සහ අත්දැකීම් පිළිබඳව කළ සාකච්ජාවකදී මෙසේ අදහස් පැවසුවාය. 

ඔබේ පර්යේෂණ මාතෘකාව සහ එය තෝරාගැනීමේ තාර්කිකත්වය ගැන පැහැදිලි කරන්න? 
මගේ මාතෘකාව වූයේ ‘COVID-19 සහ ඉන් ඔබ්බට නිවසේ සිට විවිධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ කරන්නේ කෙසේද?’ යන මාතෘකාවයි. COVID-19 ව්‍යාප්ත වීම සමග නිවසේ සිට වැඩ කිරීමේ (WFH) සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද එය අලුත් අත්දැකීමක් වුණා. මේ මත පදනම් වෙමින් උගත් පාඩම් වලින් හැකියාවන් අවබෝධ කර ගැනීමට සහ වසංගතයෙන් ඔබ්බට ඒවා භාවිතා කිරීමට ශාස්ත්‍රඥයින් සඳහා ඵලදායි ක්‍රියාකාරී ආකෘති පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනවලට (HEIs) හැකි බව මම විශ්වාස කරා. මෙම අත්දැකීම තුළින් සිව්වන තිරසාර සංවර්ධන ඉලක්කය වන ගුණාත්මක අධ්‍යාපනයක් කරා ගමන් කිරීමට ද හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඉහළ ශ්‍රේණිගත සඟරාවල මෙම විෂය පථයට අදාළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ලිපි හමු නොවීම ද මෙම තෝරා ගැනීම සිදුකිරීමට හේතු වුණා. 

ඔබේ දැක්ම අනුව, ඔබේ පර්යේෂණයේ ප්‍රායෝගික භාවිතය කුමක් විය හැකිද? 
විවිධ ආකාරයේ අධ්‍යයන මාර්ග සහ WFH (Work From Home) වෙත ඇති හිතකර බව මත පදනම්ව WFH හි ප්‍රතිලාභ ලබා ගැනීමෙන් දෙමුහුන් ක්‍රියාකාරී ආකෘතියක් හඳුන්වා දිය හැකිය. මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ සමහර විද්වතුන් ඉගැන්වීම කෙරෙහිත්, ඇතැමුන් පර්යේෂණ පිළිබඳවත්, තවත් සමහරු දැනුම බෙදා හැරීම පිළිබඳවත් වැඩි නැඹුරුතාවයක් දක්වන බවයි. 

ඔවුන්ගේ ශක්‍යතාවයන් සහ ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන් හඳුනා ගැනීමෙන්, පෙර පරිදිම පූර්ණ භෞතික අධ්‍යයන වැඩ පරිසරයකට ආපසු යාමට වඩා මාර්ගගත (Online) සහ මාර්ගගත නොවූ සංකල්පවලින් ප්‍රතිලාභ ලබා ගනිමින් ඵලදායී ප්‍රතිපත්ති සැකසීමට උසස් අධ්‍යාපන ආයතනයන් සතුව නම්‍යශීලී බවක් ඇත. 

ඩිජිටල් විප්ලවය තුළ භෞතික ක්‍රියාකාරකම් මාර්ගගත (Online) අවකාශයට නැඹුරුවීම ශුභවාදී වෙනසක් ලෙස පිළිගත හැකිය. ඒ අනුව මෙම වසංගත තත්ත්වය උසස් අධ්‍යාපන ආයතන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සඳහා යම් ආශීර්වාදයක් ගෙන දේ. එම තත්ත්වය තුළින් අපගේ අධ්‍යාපන ක්‍රමය හොඳම ගෝලීය භාවිතයන් සමඟින් ජාත්‍යන්තරකරණය කිරීමේ මාවත විවර වී ඇත. එබැවින්, අපගේ පර්යේෂණ සමාජයට සහ විවිධ පාර්ශවකරුවන්ට බලපෑම් ඇති කර තිබෙනවා. 

H දර්ශකය අදාලව ඔබ ලබා ගත් ජයග්‍රහණය කුමක්ද? 
පත්‍රිකා පිළිගැනීමේ අනුපාතය 16% කටත් වඩා අඩු 85 – H දර්ශකය සහ Scopus ප්‍රමුඛ 16 කාණ්ඩය තුළ පත්‍රිකාවක් පළකිරීමේ හැකියාව අපට හිමි වුණා. එවැනි පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කිරීම කෙනෙකුගේ ශාස්ත්‍රීය ජීවිතයේ කැපී පෙනෙන ජයග්‍රහණයක්. 

SLIIT විසින් පර්යේෂණ කටයුතු සඳහා හිතකර පරිසරයක් ලබා දෙන බව ඔබ විශ්වාස කරනවාද? 
උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කිරීම සඳහා දීර්ඝ කාලීනව ලබා දෙනු ලැබූ සහාය සහ මගපෙන්වීම වෙනුවෙන් SLIIT කුලපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ, නියෝජ්‍ය උපකුලපති ආචාර්ය නිමල් රාජපක්ෂ, උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ‍රාහුල අත්තලගේ යන මහත්වරුන් මට ලබා දුන් සහයෝගයට මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. 

SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා පීඨය තුළ පර්යේෂණ සඳහා පදනම් වූ සංස්කෘතියක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මගේ උත්සාහයට සහය දුන් දෙපාර්තමේන්තු ප්‍රධානී ආචාර්ය නීශා ජයසූරිය මහත්මියට සහ SBS කාර්ය මණ්ඩලයටද මගේ ස්තුතිය පුදකරනවා. 

මෙම ජයග්‍රහණය ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. එහි ගෞරවයෙන් විශාල කොටසක් හිමිවිය යුත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ සහ මහාචාර්ය සිසිර කුමාර යන මගේ MPhil උපාධි පර්යේෂණ අධීක්‍ෂකවරුන් හටයි. 

පර්යේෂණ ක්ෂේත්‍රයේ සිටින සිසුන්ට සහ විද්වතුන් වෙනුවෙන් ඔබ ලබා දෙන උපදේශය කුමක්ද? 
පශ්චාත් උපාධි ශිෂ්‍යාවක ලෙස, තිරසර සංවර්ධන ඉලක්ක කරා වැඩ කිරීමට මට ආශාවක් තිබුණා. එම ආශාව මෙම අධ්‍යයනය සිදු කිරීමට බෙහෙවින් ඉවහල් වුණා. අධීක්ෂකවරුන්ගේ සහාය ඇතිව මෙම පත්‍රිකාව කෙටුම්පත් කිරීමට මාස 6 කට ආසන්න කාලයක් ගත වුණා. ලිපිය සඟරාවට ඉදිරිපත් කිරීමෙන් පසු, සංශෝධන වට දෙකක් සමඟ සමාලෝචකයින්ගෙන් මට ඉහළ වටිනා කමක් සහිත අදහස් ලැබුණා. 

එය පශ්චාත් උපාධි ශිෂ්‍යාවක ලෙස මා ලැබූ විශිෂ්ඨ අත්දැකීමක්. මම ඉදිරියේදී පර්යේෂණවල නිරත වන විට මට දැන් මෙම දැනුම භාවිතා කිරීමට පුළුවන්. තම පර්යේෂණයන් ඉහළ පෙළේ සඟරාවල පළ කිරීම සඳහා මම විශ්ව විද්‍යාල සිසුන් සහ විද්වතුන් දිරිමත් කරනවා. වෙහෙස මහන්සි වී වැඩ කරමින් අපගේ වෘත්තීය ජීවිතයට අමතර අගය එකතු කිරීමට මම කටයුතු කරන අතරම මගේ අත්දැකීම් වලින් ඔවුන්ව සවිබල ගැන්වීමටද මම ක්‍රියා කරනවා. 

සම්පූර්ණ ලිපිය කියවන්න : https://www.mdpi.com/2071-1050/14/9/4868/pdf?version=1650343739 

Visits: 93