DIMO වෙතින් රුපියල් 12.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං ශ්‍රී ලංකා හෙවත්  ඩිමෝලංකා පීඑල්සී සමාගම (DIMO.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12.50ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවිම බවත් ඩිමෝ ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 28 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 09 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඩිමෝ ලංකා පීඑල්සී සමාගම පවසයි.

Visits: 97