ලංකා වෝල්ටයිල්ස් රු. 2.90ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටස් වටිනාකම ඉහළට

ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීම තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.90ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී ඇත.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බව ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 29 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XDDate) ජූනි 08 ලෙස නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර අතර දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී විනාඩි 40ක් තුළදී ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 58.40ක් ලෙස ඉහළ ගිය අතර එය ඊයේ කොටසක වටිනාකම වූ රුපියල් 55.10ට සාපේක්ෂව රුපියල් 3.40ක ඉහළ යාමක් විය.

Visits: 136