අපනයන සංවර්ධන මණ්ඩලය තිරසාර වෙළඳාම සඳහා ලෝක වෙළඳ ප්‍රවර්ධන අනුශුරතා සම්මානය දිනයි

ජාත්‍යන්තරව සිය නිපුණතාවය සහ විශිෂ්ටත්වය පෙන්නුම් කරමින්ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපනයන සංවර්ධන මුලපිරීම්වල තිරසාර වෙළඳාම සඳහා හොඳම මුලපිරීම යන කාණ්ඩය යටතේ 2022ලෝක වෙළඳ ප්‍රවර්ධන සම්මාන උළෙලේහි අනුශූරතාව හිමිකරගනු ලැබූ බව පවසයි.

2022 ලෝක වෙළඳ ප්‍රවර්ධන සම්මාන හිමිකරගත් රටවල් මැයි 17 වන දින ඝානාවේ ඇක්රා හි පැවති ලෝක වෙළඳ ප්‍රවර්ධන සංවිධාන සම්මන්ත්‍රණය සහ සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කරන ලදී.

ජාත්‍යන්තර වෙළඳාම අවධානමකට ලක්ව ඇති අවිනිශ්චිත අවස්ථාවකවෙළඳ ප්‍රවර්ධන ආයතන විසින් දියත් කරන ලදකුඩා සමාගම්වලට ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාර වන නව්‍ය වැඩසටහන් මෙවර සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය.කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් ජාත්‍යන්තර වෙළඳපොලේ තරගකාරී වීමට තම මුලපිරීම් උපකාර වන බව වෙළඳ ප්‍ර‍වර්ධන ආයතනවලට සාධක සහිතව ඉදිරිපත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සිදු විය. ඒ යටතේ තරගකාරී තේරීම් වට තුනකින් පසු ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය”තිරසාරවෙළඳාම සහතික කිරීමේ හොඳම මුලපිරීම” කාණ්ඩය යටතේ අනුශූරතාව හිමි විය.අවසන් වටය සඳහා එම කාණ්ඩය යටතේ තේරීපත් වූ අනෙකුත් රටවල් වූයේ දකුණු කොරියාව, නෙදර්ලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ ය.සිම්බාබ්වේ ජයග්‍රාහකයා ලෙස විනිශ්චය කරන ලදී.

සම්මානලාභී කුඩා හා මධ්‍ය පරිමාණ (SME)අපනයන පුහුණු වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කළ අතර නව අපනයනකරුවන් සංවර්ධන වැඩසටහන යටතේ ලියාපදිංචි වූ තෝරාගත්අපනයනයට නැමියාවක් සහිතකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME)විසිපහක් (25) සඳහා වැඩසටහන් පසුගිය වසරේ ක්‍රියාත්මක කරන ලදී.මෙම මුලපිරීම යටතේ අපනයන අලෙවිකරණ සැලසුම් පිළිබඳ තනි පුද්ගල පුහුණු සැසි අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් 11 දෙනෙකු විසින් පවත්වන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අපනයන අලෙවිකරණය දියුණු කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් මගපෙන්වන ලද අතරඔවුන්ගේ ව්‍යාපාර ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇති සේවාවන් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ අරමුදල් අවශ්‍යතා පිළිබඳ විස්තර සහිත බාහිර ඇගයීම් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරන ලදී. මණ්ඩලය විසින් හොඳම අපනයන අලෙවිකරණ සැලසුම් 10 තෝරා ගත් අතර ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ යෝජිත අපනයන අලෙවිකරණ සැලසුම්වලට අනුව ඉදිරි සංවර්ධන අදියර ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මූල්‍ය ආධාර ප්‍රදානය කරන ලදී.මෙම වැඩසටහනෙන් පසුවකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අපනයන වෙළඳපොල ප්‍රවේශ අවශ්‍යතා හඳුනා ගත් අතර වැඩසටහන මඟින් ග්‍රාමීය ව්‍යවසාය සංවර්ධනඅවස්ථා වැඩිදියුණු කරන ලද අතරඔවුන්ගේ සැපයුම්ජාල පදනමශක්තිමත්වීම මගින් එම ප්‍රදේශවල කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දෙන ලදි.

ලොව සියලුම රාජ්‍ය වෙළඳ ප්‍රවර්ධන ආයතන සඳහා විවෘතවන ලෝක වෙළඳ ප්‍රවර්ධන සම්මාන උළෙල ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) විසින් වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබයි. ITC යනු ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සහ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ආයතනයකි (UN).

Visits: 63