ජූනි මාසය සඳහා ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 554ක් අවශ්‍යයි – ඇමති කියයි

ලබන ජූනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍යව ඇතැයි බලශක්ති සහ විදුලිබල ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

අද පෙරවරුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ අනුව මෙම අවශ්‍යතාව පිළිබඳව සඳහන් කෙරුණු බවත් ඔහු පවසා සිටියි.

මෙහිදී ඉන්දියානු ණය ආධාර පහසුකම යටතේ ලැබී ඇති ඩොලර් මිලියන 100ක් ඒ සඳහා යොදා ගත හැකි බව පවසන අමාත්‍යවරයා, තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය සහායක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් පවසා සිටියි.

Visits: 71