ඔබේ අනාගතය අතේ පළඳින Galaxy Watch සහ Wear OS වල හෙට දවස කෙබඳුද?

Samsung Electronics  සමාගම මගින් හඳුන්වාදී තිබෙන Galaxy Watch සහ Wear OS වල හෙට දවස කෙබඳුවේද යන්න සම්බන්ධයෙන් Samsung Electronics හි Mobile Experience Business අංශයේ EVP හා පාරිභෝගික සේවා ප‍්‍රධානී පැටි‍්‍රක් කොමෙට් විසින් සටහනක් තබා තිබේ.

මීට වසරකට පමණ පෙර Google I/O හිදී Samsung Electronics හි අතේ පැළඳිය හැකි software හා hardware විශේෂඥයන් සමඟ එක් වෙමින් Google හි විශිෂ්ටතම දේ සමඟ Wear OS හි නවතම ඒකාබද්ධ නිෂ්පාදනය එළිදැක්වීමේ අවස්ථාවෙහි කොටස්කරුවකු වීමේ වාසනාව මා හට හිමි විය. මෙය Samsung හා Google අතර දිගුකාලීන හවුල්කාරීත්වයේ ප‍්‍රතිඵලයක් ද විය.

Samsung විසින් සවිබල ගැන්වූ Galaxy Watch4 නිෂ්පාදන පෙළෙහි Wear OS එළිදැක්වීම සමාගම් දෙකටම වැදගත් පියවරක් විය. එය යථාර්ථයක් බවට පත් කර ගත හැක්කේ එකම අරමුණක් මඟින් මෙහෙයවනු ලබන සැබෑ හවුල්කාරීත්වයක් තුළින් පමණකි. අපි අපගේ Tizen පදනම් කරගත් software නිෂ්පාදනය Google හි මෙහෙයුම් පද්ධතිය සමඟ එක් කළහොත් Wear OS හරහා පරිශීලකයින්ගේ අත්දැකීම් වෙත සුවිසල් දියුණුවක් අත්කර දීමට හැකි බව අපි අවබෝධ කොට ගෙන සිටි අතර භාවිත කරන්නන් හා නිර්මාණකරුවන් හට පහසුවෙන් හා කැමැත්තෙන් තමන්ගේම ඔරලෝසු මුහුණත සකසා ගැනීම සඳහා උපකාරී වන Watch Face Studio වැනි විවිධ විශේෂාංගයන් නිර්මාණය කර ඇති අතර තවමත් නිර්මාණය වෙමින්ද පවතී.

අපගේ හවුල්කාරීත්වය තුළින් පාරිභෝගිකයා වෙත හොඳම දේ ගෙන ඒමට කටයුතු කරන අප Samsung Galaxy පරිශීලකයින් වෙත නවමු අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිමු. එහෙයින් අපගේ සහයෝගීතාවයේ වැදගත්කම Wear OS මඟින් සැබැවින්ම ප‍්‍රදර්ශනය කරන බව මගේ අදහසයි. සත්‍ය වශයෙන්ම ප‍්‍රතික්ෂේප කළ නොහැකි ඉතා සාර්ථක උත්සාහයක් බව නිල වශයෙන් හැඳින්විය හැක්කේ පසුගිය වසරේ ක‍්‍රියාකාරී Wear OS devices මේ වන විට තුන් ගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් ඇති නිසයි. පැළඳිය හැකි devices වල ඉහළ යාම අප දකින්නේ තවත් විශාල නිර්මාණයන්හි ආරම්භයක් ලෙසයි.

ඔබ වෙනුවෙන් වූ ඒකාබද්ධ වේදිකාවක්

පැළඳිය හැකි devices වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයකු ලෙස Samsung සිය පැළඳිය හැකි උපාංග අත්දැකීම් Android පාරිභෝගිකයින් වෙතද ගෙන යාමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති අතර මෙම අත්දැකීම් ඉහළ යන විට පරිශීලකයන් වෙත ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට සහාය වන නවීකරණයන් හා වැඩි දියුණු කිරීම් සිදු කිරීමට අපි කටයුතු කරමු. නවතම Wear OS නිර්මාණය කිරීම සඳහා smartphone apps වලින් පහසුවෙන් code ගෙන යාමට Android සංවර්ධකයන් වෙත ඉඩ ලබා දෙන ලදී. Galaxy පරිශීලකයින් හට Google Play Store හරහා Wear OS හා සම්බන්ධ app එක download කිරීමේදී එම app එක Galaxy Watch මතද ස්වයංක‍්‍රීයව install කිරීම සිදු කළ හැකිය.

මෙම හවුල්කාරීත්වයේ සහ නිර්මාණයේ නවතම විශේෂාංග ප‍්‍රතිලාභ අත් විඳි ප‍්‍රථමයා බවට පත් වූයේ Samsung Galaxy පරිශීලකයින් වන අතර මේ දක්වා වඩාත්ම පැළඳිය හැකි නිෂ්පාදන පෙළ බවටද Galaxy Watch4 නිෂ්පාදන පෙළ පත් විය. අපගේ පාරිභෝගිකයන් හට Galaxy අත්දැකීම් පමණක් නොව ඔවුන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කරන ආකාරයේ වෙනස්කම් සිදු කිරීම වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීම අපගේ වගකීමකි. පරිශීලකයින් සඳහා පරිපූර්ණ සෞඛ්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් වූ අපගේ අඛණ්ඩ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස එළිදක්වනු ලැබූ Health Connect හඳුන්වා දිය හැකියි.

Android හැකියාවන් ඉහළ නැංවීම

අපි සහයෝගීතාවයේ හා සාර්ථකත්වයේ වසරක් සනිටුහන් කරන අවස්ථාවේදී Galaxy Watch4 පරිශීලකයින් හට නවමු අත්දැකීම් හා ප‍්‍රතිලාභයන් ගෙන එමින් එහි හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින්නෙමු. දැන් Galaxy Watch4 පරීශීලකයින් හට ඔවුන්ගේ devices වෙත Google download කළ හැකි බව සතුටින් මතක් කර සිටින අතර එය වේගවත් හා වඩාත් ස්වාභාවික voice විශේෂාංගයන් මෙන්ම ක්ෂණික පිළිතුරු දීමේ හැකියාවද සමඟින් ඔබට ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත.

එපමණක් නොව අපගේ තෙවන පාර්ශවීය හවුල්කරුවන් වෙතද වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයක් ගෙන ඒමට කටයුතු කරන අප ඉතා ඉක්මණින් Spotify පාලනය කිරීමට හා කටහඬ පමණක් භාවිත කරමින් ධාවනය වන අතරතුර ගීත වෙනස් කිරීමේ හැකියාව Google සමඟ පරිශීලකයින් වෙත ගෙන එන්නෙමු. එතනින් නොනැවතී මෙම වසර අවසානය වන විට Android smartphones සමඟින් වඩාත් අනර්ඝ හා පහසුවෙන් පැළඳිය හැකි devices අත්දැකීම නැවත වරක් පාරිභෝගිකයින් වෙත ගෙන එමින් Galaxy Watch සඳහා වන Google apps හා සේවාවන් ගෙන එනු ඇත.

Google සමඟ වන අපගේ හවුල්කාරීත්වයේ හැකියාවන් සහ අපගේ පරිශීකයින්ට කුමක් සිදුවේද යන්න පිළිබඳව අවධානයට ලක්කොට ඇති බවද මතක් කර සිටිමු. Galaxy Watch පෙළෙහි devices මේ වන විටත් අපගේ නිර්මාණාත්මක බව, ආකර්ෂණීය ඔරලෝසු මුහුණත පෙනුම හා පරිපූර්ණ සෞඛ්‍ය දර්ශකවල විශිෂ්ටත්වය හේතුවෙන් Android smartphones පරිශීලකයින් භාවිතයට ගනිමින් සිටිති. නවෝත්පාදන හා හැකියාවන් ඉහළ නැංවීම තුළින් මීළඟ විශිෂ්ටත්වය ළඟදීම ඔබ හමුවට පැමිණෙනු ඇත. තවත් ආකර්ෂණීය තොරතුරු වෙනුවෙන් එතෙක් රැඳී සිටින්න.

Visits: 113