2021 දී වැඩිම වැටුපක් ලැබූ ප්‍රධාන විධායකයන් (CEO’s) අතර මුල් තැන එලෝන් මස්ක්ට

සුප්‍රසිද්ධ SpaceX සහ Tesla සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන එලෝන් මස්ක් 2021 වසරේදී ලොව වැඩිම වැටුපක් හිමි කරගත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වී ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ඔහු හිමි කරගෙන ඇති වැටුප එක්සත් ජනපද ඩොලර් බිලියන 23.5කි.

ලොව ජනප්‍රිය ව්‍යාපාරික පුවත් සඟරාවක් වන Fortune සඟරාව මගින් ඉදිරිපත් කරන Fortune 500 CEO’s යටතේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් පිළිබඳ ලැයිස්තුව මේ පිළිබඳව සඳහන්ව තිබේ.

මෙහිදී වැඩිම වැටුපක් ලැබූ ප්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනා එහි ඇතුළත්ව ඇත. මෙහිදී දෙදෙනකු කාන්තාවන් වන අතර අනෙක් අට දෙනාම පුරුෂයන් වෙයි.

මස්ක්ට පසුව මෙම Fortune 500 CEO’s හි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ය. ඔහු 2021 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 770.5ක වැටුපක් හිමි කරගෙන තිබේ. මෙම වැටුපෙන් වැඩි කොටසක් ඔහු සතුව ඇති ඩොලර් බිලියන 1.7ක්  වටිනා සමාගමේ කොටස් අතරින් හිමි කරගත් ඒවා වෙයි. මෙලෙස ඔහුට ඉහළ වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් කරුණු සාධාරණීයකරණය කරන ඇපල් සමාගම ඔහුගේ නායකත්වය යටතේ ඇපල් කොටස් වටිනාකම් පෙන්නූ සාර්ථකත්වය ඊට හේතු බව දක්වා තිබේ. අද වන විට ඇපල් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.2කි.

ලොව සුප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා කොන්සෝල සහ කෘත්‍රිම බුද්ධි සංවර්ධන සමාගමක් වන NVIDIA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුආන්ග් ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් අතරින් තෙවැන්නා වෙයි. ඔහු 2021 වසරේදී ලබා ඇති වැටුප ඩොලර් මිලියන 507කි.

සිව්වැනියට ලොව වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ Netflix සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රීඩ් හාස්ටින්ග්ස්ය. ඔහු 2021 වසරේදී හිමිකරගෙන ඇති වැටුප ඩොලර් මිලියන 453.5ක් ලෙස සටහන්ව ඇත.

ඩොලර් මිලියන 452.9ක වැටුපක් ලබමින් Regeneron Pharmaceuticals සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙනාර්ඩ් ස්ෂෙලිෆර් මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. ඔහු එම සමාගමේ සම නිර්මාතෘවරයාද වෙයි.

Salesforce සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් බෙනිඕෆ් ඩොලර් මිලියන 439.4ක් උපයා ගිනිමින් 2021 වසරේදී වැඩිම වැටුපක් හිමිකරගත් හයවැනියා බවට පත්ව තිබේ.

මේ අතර Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා 2021 වසරේදී ලැබූ වැටුප ඩොලර් මිලියන 309.4ක් බව Fortune 500 CEO’s ලැයිස්තුව පවසයි.

ලොව පරිගණක ක්‍රීඩා අතර දැවැන්ත සමාගමක් වන Activision Blizzard සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොබර්ට් ඒ. කොටික් අටවැනියට වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සඳහන්ව තිබේ. ඇය 2021 ලැබූ වැටුප ඩොලර් මිලියන 296.7කි.

2021 වසරේදී නවවැනියට ලොව වැඩිම වැටුපක් ලැබූ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ Broadcom සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හොක් ඊ. ටාන්ය. ඔහුගේ වැටුප ඩොලර් මිලියන 288ක් ලෙස සටහන්ව ඇත.

මෙම ලැයිස්තුවේ දහ වැනි ස්ථානය හිමිව ඇත්තේ Oracle සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෆ්රා ඒ. කාට්ස් වෙතයි. ඇය 2021 වසරේදී ලැබූ වැටුප ඩොලර් මිලියන 239.5කි.

Visits: 206