වටවල ප්ලාන්ටේෂන්ස් වෙතින් රුපියල් 08 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 08ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවිම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 27 වැනිදා ප්‍රකාශ කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කෙරෙන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 24වැනිදා පැවැත්වෙන බවත් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 163