FlySmiLes “Student Club” හරහා සිසුන්ට බහුවිධ ප්‍රතිලාභ

විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන FlySmiLes “Student Club” යනුවෙන් විශේෂ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.

දැනටමත් FlySmiLes සමඟ ලියාපදිංචි වී ඇති සිසුන්ට FlySmiLes අමතා ඔවුන්ගේ වත්මන් සාමාජිකත්වය ශිෂ්‍ය සාමාජිකත්වය බවට පත් කර ගැනීමෙන් මෙහි වරප්‍රසාද ලබාගත හැකිවේ. අනෙකුත් සිසුන් සඳහා FlySmiLes වෙබ් අඩවියට පිවිසීමෙන් FlySmiLes ශිෂ්‍ය සමාජයට ඇතුළත් විය හැක.

සිසුන් ලියාපදිංචි වූ පසු ඔවුන්ගේ සාමාජික තලය දැක්වෙන ඩිජිටල් සාමාජික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. ශිෂ්‍ය සමාජයේ සාමාජිකයින්ට ඔවුන්ගේ අධ්‍යයන ගමන ආරම්භ කරන විට නියමිත ප්‍රතිලාභ හරහා ඉතුරුම් භුක්ති විඳීම අපේක්ෂා කළ හැකිය. තෝරාගත් ගමනාන්ත වෙත අතිරේක ගමන් මලු මුදාගැනීම් සඳහා අවශ්‍ය සැතපුම් සඳහා සියයට 25 ක වට්ටමක් මෙමගින් ලබාගත හැකි වන අතර ශ්‍රී ලංකාවේ සිට නරීටා,  සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, මාලදිවයින, ලන්ඩන්, මෙල්බර්න්, සහ මොස්කව් වැනි ගමනාන්ත අතර ගමන් කිරීමේදී අමතර සැතපුම් 3,000ක් උපයා ගැනීමට හැකිවේ.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන්ට තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවයෙන් සිටියි. එමනිසා, මෙම FlySmiLes Student Club සේවාවා ඊට කදිම විසඳුම් සපයයි. FlySmiLes ශිෂ්‍ය සමාජය එළිදැක්වීම FlySmiLes නිතර පියාසර කිරීමේ වැඩසටහනේ සිදුවෙමින් පවතින පුළුල් පරිවර්තනයක කොටසකි. මගීන්ට ඔවුන් උපයන මයිල්ස් ප්‍රමාණය අනුව ත්‍යාග , දීමනා සහ ප්‍රතිලාභ ලබා ගැනීම තවදුරටත් අවස්ථාව සැලසී ඇත.

FlySmiLes ශිෂ්‍ය සමාජය පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචි වීමට පිවිසෙන්න https://www.srilankan.com/flysmiles/about-flysmiles/student-club

Visits: 45