Q+ ගෙවීමේ ඇප් සේවාවෙන් දැන් අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මුදල් ගෙවීමටත් අවස්ථාව

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට එම ඇප් සේවාව භාවිතා කරමින් කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ මුදල් ගෙවීමට අමතරව අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාවද බැංකුව විසින් ලබාදී තිබේ.

මෙම නව යාවත්කාලීන කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දිනයේ  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට මාසික ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් පියවීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම ඒ මොහොතේම යාවත්කාලීන කිරීමේ අවස්ථාව ලැබී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා ‘අපි විසින් ලබාදෙන තාක්ෂණය පදනම් කරගත් සේවාවන්වල නම්‍යශීලීත්වය සහ පහසුව වර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා’, යැයි පැවසුවේය. ‘මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් Q+ ගෙවීමේ ඇප් සේවාව අපි ක‍්‍රමානුකූලව වර්ධනය කරමින් එහි වටිනාකම භාවිතා කරන්නන්ට ලබාදෙනවා. වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් ගාස්තු ගෙවීමට අවස්ථාව ලබාදීම එයට හොඳ උදාහරණයක්.’ 

Q+ ගෙවීමේ ඇප් සේවාව App Store හෝ Google Play Store වෙතින් ගනුදෙනුකරුවන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට ඩවුන්ලෝඞ් කරගැනීමෙන් පසුව මෙම පහසුකම ඉතාමත් පහසු පියවර තුනකින් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. ඒ සඳහා ලියාපදිංචි වී භාවිතා කිරීමේ හඳුනාගැනීම, ඊ-මේල් ලිපිනය පුරවා Q+ ගෙවීමේ ඇප් ගිණුමක් නිර්මාණය කළ යුතුවේ. මෙහිදී, ඇප් සේවාවට ඩෙබිට් කාඞ්පතක් හෝ ක්‍රෙඩිට් කාඞ් පතක් ඒකාබද්ධ කරමින් ක්‍රෙඩිට් කාඞ්පත් බිල්පත් ගෙවීම සිදුකළ හැකි අතර ඒ සඳහා ඇප් පහසුකමේ තිබෙන Bill Payment මෙනුව ක්ලික් කර Cards යන්න තෝරාගත යුතුවේ.

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට සිදුකළ ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් පිළිබඳ තොරතුරු Favourites යන කොටසේ සුරක්ෂිත කර තබාගැනීමේ අවස්ථාව හිමිවන අතර ඒ තුළින් ඉදිරි ගෙවීම් කිරීමට ක්‍රෙඩිට් කාඞ්පත් අංකය යළිත් ඇතුළත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම බිල්පත් ගෙවීම් තහවුරු කිරීම සඳහා පුද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) අවශ්‍ය නිසා මෙම බිල්පත් ගෙවීම් සුරක්ෂිත වන අතරම පහසුවේ. 

Visits: 33