HNB බැංකුව 2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

අස්ථාවර වෙළෙඳපල තත්ත්වයන් තුළ සිය ඔරොත්තු දීමේ හැකියාව, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය නැවතත් පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 5.9 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 4.8 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව බැංකුව පිළිවෙළින් 7% ක සහ 3% ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනේ. මේ අතර HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන 6.4 ක PBT සහ රුපියල් බිලියන 5.4 ක PAT වාර්තා කිරීමට සමත්ව තිබේ.

2022 පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය ප‍්‍රකාශ කළේ, ‘’ශ‍්‍රී ලංකාව මේ වන මුහුණ දෙමින් සිටින පෙර නොවූ විරූ කාල පරිච්ෙඡ්දයන් හමුවේ HNB නැවතත් සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව පෙන්නුම් කර තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී අපගේ සියලූ පාර්ශ්වකරුවන් වෙත අපගේ කැපවීම නැවතත් අවධාරණය කිරීමට මා කැමතියි. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන වගකිවයුතු දේශීය බැංකුවක් ලෙස අප ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මූල්‍ය සුරක්ෂාව, ස්ථාවරත්වය සහ තිරසාර බව සහතික කිරීමටයි.’’ යනුවෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 අගෝස්තු මස සිට දැඩි මුදල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් 2022 මාර්තු දක්වා මාස 12 තුළ බරිත සාමාන්‍ය ප‍්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පදනම් අංක 400 කින් පමණ ඉහළ ගියේය. මේ හේතුවෙන් 2022 පළමු කාර්තුව තුළ බැංකුවේ ශුද්ධ පොළී ආදායම (NII) පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 59%ක වර්ධනයක් පෙන්නුම් කිරීමට බැංකුවට හැකි විය. ප‍්‍රධාන වශයෙන් කාඞ්පත් ගනුදෙනු හා වෙළෙඳ කටයුතුවලින් උපයනු ලබන ආදායම් පදනම් කරගනිමින් 2022 පළමු කාර්තුව සඳහා ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 42%කින් වර්ධනය වී රුපියල් බිලියන 3.2ක් බවට පත්ව ඇත.

HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා

පසුගිය වසරට සාපේක්ෂව 2022 මාර්තු වන විට, රුපියල සැලකිය යුතු ලෙස අවප‍්‍රමාණය වීම හේතුවෙන් 2022 පළමු කාර්තුවේදී වෙළෙඳ ඉපැයීම්වලින් රුපියල් බිලියන 7.5 ක් පමණ උපයා ගැනීමට හැකි විය. විදේශ මුදල්වලින් ගෙවීම් සිදුකරනු ලබන ණය හා ආයෝජන මත ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීමේ බලපෑම් හමුවේ බැංකුව රුපියල් බිලියන 7.4 ක හානි පූරණයක් ද වෙන් කර ඇත.

බැංකුවේ net stage III ණය අනුපාතිකය 2021 දෙසැම්බර් වන විට 2.55% සිට 2022 මාර්තු අවසන් වන විට 2.41% දක්වා වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අතර වත්කම්වල ගුණාත්මකභාවයෙන් බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම බැංකුවක් ලෙස තම ස්ථානය තවදුරටත් පවත්වාගෙන යමින් stage III ප‍්‍රතිපාදන ආවරණය 59%ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2022 පළමු කාර්තුවේ සාර්ව ආර්ථික සාධකවල සැලකිය යුතු අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, බැංකුව රුපියල් බිලියන 13.4 ක ඉහළ හානි පූර්ණ ගාස්තුවක් වාර්තා කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ, ”ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය මුළුල්ලේ එනම්, 2017-2018 කාලයේ අත්විඳින්නට සිදු වූ අයහපත් කාලගුණික තත්ත්වයන්වල සිට 2019 වසරේ සිදු වූ අවාසනාවන්ත පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඉන් අනතුරුව මුළු ලෝකයටම බලපෑ පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය දක්වා අසීරු කාල පරිච්ෙඡ්දයක් හරහා ගමන් කරමින් සිටිනවා. මෙරට බැංකු ක්ෂේත‍්‍රය සහ HNB මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දී ශක්තිමත් සහ ස්ථාවර මට්ටමක සිටිනවා. අද වන විට ශ‍්‍රී ලංකාව ජාතියක් ලෙස ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය මීටත් වඩා තීරණාත්මකයි. ඒ නිසා ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප තනිව, ආයතනික සහ ජාතික මට්ටමින් වගකීම් සහගතව අපගේ කාර්යභාරය ඉටුකිරීම අතිශයින්ම වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බහුපාර්ශවීය සංවිධාන සහ මිත‍්‍රශීලී රටවල් සමඟ සාර්ථකව සාකච්ඡුා සිදු කරමින් රටේ දේශපාලන, සමාජීය, ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා.’’ යනුවෙනි.

Visits: 81