Mahindra Ideal Finance ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රැකියා ස්ථානයක් ලෙස ඇගයීමට ලක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් මෙන්ම රැකියාව කිරීම සඳහා සුදුසුම ආයතනයක් වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Mahindra Ideal Finance සමාගම අඛණ්ඩව තුන් වන වරටත් Great Place to work® ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

එමෙන්ම 2021 වසරේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට Mahindra Ideal Finance නම්කිරීමටද Great Place to work® ආයතනය කටයුතු කර තිබේ. Mahindra Ideal Finance ආයතනය තුළ පවතින විශිෂ්ට ආයතනික සංස්කෘතිය නිසා, රටේ අතිදක්ෂ වෘත්තිකයන් රාශියක් මේ වනවිට එම සමාගම හා සම්බන්ධ වී සිටියි.

මේ අතර තම සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රමෝපායික වැඩසටහනක්ද Mahindra Ideal Finance විසින් ක්‍රියාවට නංවා ඇති නිසා, එම වෘත්තිකයන්ට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට මහඟු අවස්ථාවක් හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Mahindra Ideal Finance හි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා කියා සිටියේ, තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරන අතරම, කාර්ය මණ්ඩලයට දක්ෂ සහ උද්‍යෝගීමත් වෘත්තිකයන් බඳවා ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින බවයි. “ආරම්භයේ සිටම කාර්ය මණ්ඩලයේ යහපත සම්බන්ධයෙන් උනන්දු වන, විශ්වාසනීය සේවායෝජකයෙකු ලෙස විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. Mahindra Ideal Finance යනු තරුණ වෘත්තිකයන්ට තම වෘත්තීය ජීවිතය ගොඩනංවා ගැනීමට ශක්තිමත් පදනමක් ලබාදෙන රැකියා ස්ථානයක්. මේ සාධක නිසා අඛණ්ඩව වසර තුනක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ රැකියාව කිරීමට සුදුසුම ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”

Great Place to Work®, ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයෙහි පිහිටා තිබේ. එය ලොව ආයතනික සංස්කෘතීන් ඇගයීමට ලක්කිරීම සම්බන්ධ ප්‍රමුඛතම අධිකාරිය ලෙස සැලකෙන අතර, විශිෂ්ටතම රැකියා ස්ථාන ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සහ රැකියා ස්ථාන විශ්ලේෂණයට ලක්කිරීම ඇතුළුව, තක්සේරු, උපදේශන හා සහතිකකරණ වැඩසටහන් ඔස්සේ එම ආයතනය ලොව විශිෂ්ටතම සේවා ස්ථාන නිර්මාණය කිරීමට, පවත්වාගෙන යාමට හා ඇගයීමට ලක්කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම් හා නිර්ණායක පිරිනමයි.

මෙම ඇගයීම් වැඩසටහන යටතේ, Great Place to Work®’ආයතනයේ ‘Trust Index©’ සේවක සමීක්ෂණයේ ‘2 lens’ ආකෘතිය සහ ‘Culture Audit©’ මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද විශේල්ෂණ රාමුව භාවිතයට ගෙන ඇති සමාගම් හා ආයතන, ගෝලීය සුදුසුකම් ලැබීමේ නිර්ණායක යටතේ විශ්ලේෂණයට ලක්කරනු ලැබේ. අදාළ සමාගමේ හෝ ආයතනයේ සේවකයන් කවුරුන් වුවද, ඔවුන් කුමන ආකාරයේ වගකීම් දරන්නන් වුවද, තම ඉහළ නිලධාරීන් කෙරෙහි විශ්වාසය තබමින්, අනෙකුත් සාමාජික සාමාජිකාවන් සමග සතුටින් රාජකාරි කරමින්, රැකියාව තුළ යහපත් අත්දැකීම ලබන්නේද යන්න සහ, තමන් කරන රාජකාරිය සම්බන්ධයෙන් කෙතරම් දුරකට තෘප්තිමත් වන්නේද යනාදී කරුණු මෙහිදී මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලබයි.

Visits: 138