යුපුන් අබේකෝන් මීටර් 200 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා බිඳහෙළයි

ඉතාලියේ පැවති Castiglione International Meeting 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 200 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා බිඳ හෙළීමට ඊයේ (22) සමත් වී තිබේ.

මෙහිදී යුපුන් එම තරගය තත්පර 20.37ක කාලයකින් අවසන් කරමින් මෙලෙස නව වාර්තාවක් තබා තිබේ.

ඔහු අතින් බිඳ වැටී ඇත්තේ 2018 වසරේ දී මීටර් 200 ඉසව්ව තත්පර 20.68ක කාලයකින් අවසන් කරමින් විනෝජ් සුරංජය පිහිටුවා තිබූ ජාතික වාර්තාව සහ තත්පර 20.52ක කාලයකින් අවසන් කරමින් ඉන්දීය ජාතික Amlan Boragohain පිහිටුවා තිබූ දකුණු ආසියානු වාර්තාවන්ය.

මීටර් 100 ඉසව්වේ ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන්, වසර කිහිපයකට පසුව මීටර් 200 ඉසව්වක් නියෝජනය කිරීමත් කැපී පෙනෙන අවස්ථාවකි. මීට පෙර එම ඉසව්ව සඳහා ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස දැක්වුණේ තත්පර 21.35ක් ලෙසයි.

Visits: 1676