ඩොලර් ට්‍රිලියන 18ක් වටිනා චීන ආර්ථිකය සැකසී ඇත්තේ මෙහෙමයි

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් 2021 වසර සඳහා නිකුත් කළ අලුත්ම දත්ත අනුව චීනයේ දළ ජාතික නිෂ්පාදනය මේ වනවිට චීන යුආන් ට්‍රිලියන 114ක් එනම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 18ක වටිනාකමකට පත්ව තිබේ.

මෙහිදී චීන ආර්ථිකය වෙනුවෙන් මූලිකවම ක්ෂේත්‍ර 11ක් දායකත්වය ලබා දී තිබේ. ඒ අතරින් වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ කාර්මික නිෂ්පාදන අංශයයි. එහි වටිනාකම චීන යෙන් ට්‍රිලියන 37.3කි. මේ යටතට ගැනෙන නිෂ්පාදන, පතල් සහ උපයෝගිතා කර්මාන්ත යන අංශ තුළ 2021 වසරේදී පෙර වසරට සාපේක්ෂව 9.6%ක වර්ධනයක් සටහන්ව ඇත.

එසේම තොග සහ සිල්ලර වෙළෙඳාම මගින් ලබා දී ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 10.5කි. බෝග වගාවන්, වන වගාවන්, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු හරහා ලබා දී ඇති දායකත්වය චීන යෙන් ට්‍රිලියන 8.7ක් ලෙස සටහන්ව තිබේ. තොරතුරු සම්ප්‍රේෂණය, මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණික සේවාවන් හරහා සිදු කර ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 4.4කි.

මීට අමතරව මූල්‍ය සේවාවන් හරහා දළ ජාතික නිෂ්පාදිතය වෙත ලබා දී ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 9.1ක් වෙයි. ඉදිකිරීම් සහ දේපළ වෙළෙඳාම් අංශය හරහා දායකත්වය පිළියෙලින් යෙන් ට්‍රිලියන 8.0ක් සහ යෙන් ට්‍රිලියන 7.8ක් ලෙස ගණන් බලා තිබේ.

ප්‍රවාහන, ගබඩා සහ තැපැල් අංශය හරහා ලබා දී ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 4.7 කි. කුලියට ලබාදීම් සහ කල්බදු ක්‍රියාකාරකම් සහ ව්‍යාපාරික සේවාවන් මගින් ලබා දී ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 3.5ක් ලෙස සටහන්ව ඇත. නිවාස කාමර සහ ආපනශාලා හරහා ලබාදී ඇති දායකත්වය යෙන් ට්‍රිලියන 1.8කි.

මේ අතර 2021 වසර සඳහා චීන රජය අපේක්ෂා කළ 6%ක වර්ධනය අභිබවමින් 8.1%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීමටද චීනය සමත්ව සිටියි.

Visits: 235