ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ක්‍රිකට් දැනුම මැනීමේ තරගයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ක්‍රිකට් දැනුම මැනීමේ තරගයක් The Cricket Australia Quiz නමින් සංවිධානය කරන්නට කටයුතු යොදා ඇතැයි කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

වයස අවුරුදු 18ට හෝ ඊට වඩා වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට හෝ ස්ථිර නේවාසිකයන්ට මෙම තරය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව පවතී.

මෙම තරගය ලබන මැයි 23 වැනිදා සිට ජූනි 07 වැනිදා දක්වා සංවිධානය වන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ෆේස්බුක් පිටුවේදී (@AustraliainSriLankaandMaldives) මෙම තරගය පැවැත්වෙයි.

මෙහිදී තෝරා ගත් දිනවලදී පෙරවරු 9.00ට එක් ප්‍රශ්නයක් එම පිටුවේ ප්‍රසිද්ධියට පත් කරන අතර, තරගය සඳහා සහභාගි වන්නන්ට එදින පස්වරු 4.00 දක්වා ඊට පිළිතුරු ලබා දීමේ අවස්ථාව ලැබේ.

මේ සඳහා ඉදිරිපත්වන තරගකරුවන් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව වෙත ගොස් එහි ‘Like’ බොත්තම එබිය යුතු අතර, එහි පලවන පෝස්ටුවේ ඇති ප්‍රශ්නයට එහි කමෙන්ටු කොටසේ පිළිතුරු ලබාදිය හැකිය.

මෙම තරගය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එසේම ජයග්‍රාකයන් සඳහන් වටිනා තෑගි පිරිනැමීමටත් සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

තරගකරුවන්ට තමන්ට හැකි උපරිම ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු ලබාදීමේ අවස්ථාව උදා කර දී ඇති අතර, එක් ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දිය හැක්කේ එක් අවස්ථාවකදී පමණි.

මෙලෙස ලබා දෙන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර සහිත ජයග්‍රාහකයා අහඹු ලෙස තෝරා ගැනීමක් සිදු කරයි. එසේම දිනයේ ප්‍රශ්නය සඳහා වන ජයග්‍රාහකයා එදින පස්වරු 4.00 ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළ කරන බවත් පවසයි.

මෙම තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු ColomboPD@dfat.gov.au වෙත පිවිසීමෙන් දැනගත හැකිය.

Visits: 316