සමනල සංරක්ෂණ සංගමයේ Krumithuru පුවත් හසුනට නිර්මාණ භාර ගැනේ

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමය මගින් ප්‍රකාශයට පත් කරන Krumithuru පුවත් හසුන සඳහා නිර්මාණ භාර ගැනීමක් සිදු කරන බව එම සංගමය සඳහන් කරයි.

මෙහිදී සමනලුන්ට අමතරව පරිසරයේ සිටින අනෙකුත් කෘමීන් සම්බන්ධයෙන් වන ලිපි, කවි, ඡායාරූප හෝ සිතුවම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත.

ඒ අනුව සමනලුන් හෝ කෘමීන් පරිසරයේදී දක්වන ඕනෑම ක්‍රියාකාරකමක් (පැණී උරා බීම්, බිත්තර දැමීම්, පැලෑටි සමගින් පවත්වන අන්තර්ක්‍රියා යනාදිය)  නිරීක්ෂණය කිරීම, සමනලුන් පිළිබඳ ක්ෂේත්‍ර සටහන් යනාදිය පිළිබඳ රචනා, කවි, ඡායාරූප හෝ සිතුවම් මෙලෙස Krumithuru පුවත් හසුන වෙත එවිය හැකිය.

මෙහිදී ලිපි සහ කවි නිර්මාණ සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ හැකි අතර, MS Word ගොනුවක් ලෙස ඒවා එවිය යුතුව ඇත. (මෙම ලිපි නිර්මාණ පිටු තුනකට වඩා නොවැඩි විය යුතු අතර doc. ගොනුවක් ලෙස එවිය යුතුව ඇත.)

මෙම ලිපි/නිර්මාණ භාර ගන්නා අවසන් දිනය 2022 මැයි 31 වැනිදා වන අතර krumithuru@bcssl.lk ඊමේල් ලිපිනයට එවිය යුතුය. එහිදී එවන්නාගේ නම සහ සම්බන්ධ කළ හැකි දුරකතන අංකයක් ද පැහැදිලිව සටහන් කරන ලෙසත් ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමය පවසයි.

වැඩිදුර තොරතුරු සඳහා 071 149 2410 දුරකතනය හරහා Krumithuru පුවත් හසුනේ ප්‍රධාන සංස්කාරිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සම්බන්ධ කර ගත හැකිය.

Visits: 52