මහබැංකු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්මයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යන බව අද නිවේදනය කර සිටියි.

ඒ අනුව දැනට පවතින නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50%ක් ලෙසත් පවත්වාගෙන යන බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී උද්ධමනය තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බවට මහ බැංකු මුදල් මණ්ඩලයේ දැක්ම වීමත්, ඒ අනුව පසුගිය අප්‍රේල් 08 වැනිදා රැස් වුණු එම මණ්ඩලය ගත් මෙම ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණය එලෙසින්ම පවත්වාගෙන යාමටත් තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

එසේම මෙහිදී සමස්ත ඉල්ලුම් පීඩනය තවදුරටත් පාලනය සඳහා ක්‍රියාමාර්ග හඳුන්වාදීමටත්, ඒ හරහා ඉදිරි කාලසීමාවේදී උද්ධමනය හරහා ඇති වන පීඩනය සමනය කිරීමත් අරමුණ වන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 212