ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කොම්බෑන්ක් ඩිජිටල් අන්තර්ජාල ගෙවීම් පහසුකම

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව ඇතැයි පවසයි.

මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු  ඕනෑම වේලාවක  ඕනෑම ස්ථානයක සිට ගෙවීමේ අවස්ථාව උදා වෙයි.

මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ Android ජංගම දුරකතන අයදුම් මෙන්ම Huawei ජංගම දුරකතන අයදුම මගින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ඒ මොහොතේම අන්තර්ජාල ගෙවීම් කිරීමට බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.

ගනුදෙනුකරුවන් කොතනක සිටියත් ඔවුන්ට පහසු සහ ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා මෙම පද්ධතිය කර්මාන්තයේ ඉහළම මට්ටමේ ආරක්ෂිත ප‍්‍රමිතීන්ගෙන් සුරක්ෂිතභාවයට පත්කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. කඩදාසි භාවිතා නොකරන මෙම ක‍්‍රියාවලිය සඳහා ගනුදෙනුකරුවෙකුට තම ගනුදෙනු සිදුකිරීමට බැංකු ශාඛාවකට හෝ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ කාර්යාලයට යෑමට අවශ්‍ය නොවේ. මීට අමතරව, මෙමගින් බැංකුවේ හරිත වැඩසටහනට දායකත්වය ලබාදෙන අතර ගනුදෙනුකරුවන්ට වඩාත් පරිසර හිතකාමී වීමට මෙමගින් අවස්ථාවක් ලබාදෙයි.   

මෙම අන්තර්ජාල ගෙවීමේ විකල්පය භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් ඉතාමත් සරලව මෙම පද්ධතියේ ‘Billers’ අංශයට පිවිසි ‘desired biller’ තෝරාගෙන ගෙවීම කළ යුතු බව බැංකුව සඳහන් කරයි. මෙහිදී, ගනුදෙනුකරුවා විසින් ගෙවීම සාර්ථකව සිදුකළ පසුව එම ගනුදෙනුව සනාථ කිරීමට සයිබර් රිසිට් පතක් ලැබෙන බව බැංකුව සඳහන් කරයි. 

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සමග ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සමූහ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොම්බෑන්ක් ඩිජිටල් පද්ධතියට එක්කළ නවතම රජයේ ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයයි. තාක්ෂණය විසින් උදාකර දී තිබෙන සෑම අවස්ථාවක්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා යෙදවීමට බැංකුව කටයුතු කරනවා. මේ තුළින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වර්ධනය කරමින් ඔවුන්ට තිබෙන පුද්ගලික ඩිජිටල් උපකරණ මගින් කරදරයකින් තොරව කාලීනව දෛනික බැංකු කටයුතු කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඩිජිටල් බැංකුකරණ ධාරිතාවය කොමර්ෂල් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරනවා.’

Visits: 40