රු.බිලියන 1.5ක හිමිකම් නිකුතුවත් සමග LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 23.63%කින් ඉහළට

LOLC සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL.N0000) සමාගම සිය හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් දෙකක් හිමිවන ලෙස මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 118,971,637ක් ලෙස ගණන් බලා තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 13.25ක් ලෙස මිල කෙරී ඇති අතර, නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් (1,576,374,190.25) ලෙස ගණන් බලා තිබේ.

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා නව ප්‍රාග්ධනය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙත අනුකූලවීම සඳහා යොදා ගන්නා බවත් පවසයි.

සමාගමට අනුව වර්තමානයේදී එහි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වටිනාකම රුපියල් බිලියන 1.4ක් (1,493,087,534.00ක්) ලෙස සටහන්ව ඇත. ඒ අනුව මෙම නව ප්‍රාග්ධන රැස්කිරීමත් සමගින්ම එය ඉදිරියේදී රුපියල් බිලියන 3.0ක් (3,069,461,724.25ක්) බවට පත්වෙයි.

මේ අතර අද දිනයේ කොළඹ කාටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී පැය භාගයක කාලයක් ඇතුළතදී LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 345.25ක් දක්වා පෙර දිනට සාපේක්ෂව රුපියල් 66 කින් එනම් 23.63%කින් ඉහළ යාම සිදුවිය. ඊයේ දිනයේදී එම කොටසක වටිනාකම රුපියල් 279.25ක් විය.

Visits: 284