ජපන් රජයේ ශිෂ්‍යත්ව 2023 සඳහා අයැදුම්පත් කැඳවෙයි

ජපන් රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන 2023 (බොන්බුකගකුෂෝ 2023) සඳහා අයැදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙහිදී අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය හෙවත් මෙක්ස්ට් යටතේ පශ්චාත් උපාධි, උපාධි හා තාක්ෂණ විද්‍යාල යන කාණ්ඩ යටතේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.

මේ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සිදු කරන ලිඛිත පරීක්ෂණයකිනි.

මෙහිදී පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලයක හෝ ඊට සමාන අධ්‍යාපන ආයතනයක වසර තුනක හෝ ඊට වැඩියෙන් වන සම්මත අධ්‍යයන කාලයක් සමගින්, පාසැල් අධ්‍යාපනයද ඇතුළත්ව වසර 16ක අධ්‍යයන කාලයක් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් හට අයැදුම් කිරීමේ අවස්ථාව හිමි වෙයි.

එසේම උපාධි හෝ තාක්ෂණ විද්‍යාල යන කාණ්ඩ යටතේ අයදුම්කරන්න් හට මේ අවස්ථා දෙකක් එකක් සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී අපොස උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වූ සහ ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් ඇති අයට ඒ සඳහා අයදුම් කළ හැකිය.

මෙම සුදුසුකම් සහිත අයැදුම්කරුවන් ලබන ජූනි 03 වැනිදාට පෙරාතුව අංක 18, වෝඩ් පෙදෙස කොළඹ 07 යන ලිපිනයේ ඇති අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුවෙයි. ඊට අදාළ අයැදුම්පත්‍රයද එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර http://www.mohe.gov.lk/ වෙබ් අඩවියෙන් සහ මෙම පරීක්ෂණයේ පසුගිය ප්‍රශ්න පත්‍ර https://www.studyinjapan.go.jp/…/application/examination යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Visits: 487