ලයන් බෘවරි (සිලෝන්) වෙතින් රුපියල් 17.25 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම (LION.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 17.25ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු මාසයෙන් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 25 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් ලබාගැනීම අනවශ්‍ය බවත් සමාගම පවසයි.

මෙම මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 3.68ක් ගෙවීම සිදු විය.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 500ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 470.25ට සාපේක්ෂව රුපියල් 29.75ක් එනම් 6.33%ක ඉහළ යාමකි.

Visits: 83