ඇමෙරිකානු තානාපතිනිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අද දිනයේදී ජාතික ජන බලවේගයේ / ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වූ බව පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පවසා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා වන විසඳුම්ද ඇතුළුව රට වඩාත් තිරසාර මාවතට රැගෙන යාම සඳහා රජය දක්වන උත්සාහයට උනන්දු කිරිමක් ලෙස පුළුල් පරාසයක විහිදෙන ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයන් හමුවීමේ කටයුත්ත යටතේ මෙම හමුව සිදු වුණු බව එක්සත් ජනපද තානාපතිනිය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින වඩාත් හදිසි අභියෝග සම්බන්දයෙන් අද දිනයේදී මෙලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 82