එලෝන් මස්ක් Twitter Inc. ගනුදෙනුව තාවකාලිකව අත්හිටුවයි

ලොව ජනප්‍රිය කෙටි පණිවුඩ හුවමාරු වැඩසටහන අයත් Twitter Inc. සමාගම මිලදී ගැනීම සඳහා ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා ඇතැයි සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. එහිදී මූලිකවම ට්විටර් පරිශීලකයන් අතරින් ස්පෑම්/ව්‍යාජ ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාව සමස්තයෙන් 5%කට වඩා අඩු වීම සම්බන්ධයෙන් වන ගණනය කිරීම් සඳහා ලබා දෙන සහයෝගයක් ලෙස මෙම තීරණය ගත් බවත් මස්ක් සඳහන් කර සිටියි.

“ට්විටර් පරිශීලකයන් අතරින් ස්පෑම්/ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව 5%කට වඩා අඩු ප්‍රමාණයක් බවට වන ගණනය කිරීම් සඳහා දක්වන සහයෝගයක් ලෙස මෙම ගනුදෙනුව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.” එහි සඳහන්ව තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට Twitter Inc. සමාගම පසුගිය සඳුදා දිනයේදී නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වසරේ පළමු කාර්තුව තුළදී සිය වැඩසටහන භාවිතා කළ දෛනික සක්‍රිය පරිශීලකයන් අතරින් 5%කට වඩා අඩු සංඛ්‍යාවක් ව්‍යාජ හෝ ස්පෑම් ගිණුම් සහිත පිරිස් නියෝජනය කළ බව සඳහන් කර තිබුණි.

මෙය පැහැදිලිවම ට්විටර් සමාගම සමගින් දැන්වීම් පළ කිරීමේ නිරත දැන්වීම්කරුවන් වෙත බලපානු ඇති බව ට්විටර් ඉන්කෝපරේෂන් සමාගමේ අදහස වී තිබේ. ඒ අනුව මස්ක් හා පිවිසෙන එකඟතාවකට පෙරාතුව එම ගැටලුව විසඳා ගැනීම සුදුසු බව සමාගමේ අදහස වී තිබේ.

ලොව ධනවතා ලෙස සැලකෙන මස්ක් විසින් පසුගිය මාසයේදී ට්විටර් ඉන්කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 44ක මුදලකට ලබා ගැනීමට ඉදිරිපත් වූ අතර එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඊට එකඟතාව පළ කෙරිණි.

මේ අතර සිය පළමු ට්විටර් සටහනට ප්‍රතිචාර සටහනක් දක්වා ඇති මස්ක්, ට්විටර් අත්පත් කරගැනීමේ තීරණය එලෙසින්ම පවතින බවත් සඳහන් කර තිබේ.

Visits: 131