ඇමෙරිකා, ජපාන සහ චීන තානාපතිවරුන් නව අගමැති රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද, ජපාන සහ චීන තානාපතිවරුන් අද පස්වරුවේදී නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණි බව වාර්තා වෙයි. අද පෙරවරුවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයාද නව අගමැතිවරයා හමුවීමට පැමිණියේය.

මෙහිදී සියලුම තානාපතිවරුන් නව අගමැතිවරයාට සිය සුභපැතුම් එක්ක කර ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙත ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව පවසා තිබේ.

මේ අතරින් ජපාන අගමැති මිසුකෝෂි හිදේකි මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් ස්ථාවර තතත්වයට පත් කිරිම සඳහා සිය රට මගින් ලබා දෙන සහයෝගය තවදුරටත් ලබා දෙන බවට පොරොන්දු වූ බව අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ. ජපාන අගමැතිවරයා හෙට දිනයේදී ජපානය වෙත යාමටද නියමිතව ඇතැයි සඳහන් වෙයි.

එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවේදී දෙපළ ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත  එක්සත් ජනපද මහා භාණ්ඩාගාර නියෝජිත කණ්ඩායම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු කර ඇත.

චීන තානාපති යි ෂිආන්ලිආන්ග් මහතාද අගමැතිවරයා හා සිදු කළ සාකච්ඡාවේදී  ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම හා සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත. ඒ සඳහා චීනය ශ්‍රී ලංකාව වෙත දැනටමත් ලබා දී ඇති සහයෝගය තවදුරටත් ලබා දීමට පියවර ගන්නා බව පවසා තිබේ.

Visits: 54