නව අගමැති රනිල් හා කටයුතු කිරීමට එක්සත් ජනපද තානාපතිනිය සූදානමින්

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමගින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.

අද පස්වරුවේදී වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පවසා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා කඩිනමින් සියල්ලම ඇතුළත් වන රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම, ඒ හරහා සිදු කරන පළමු පියවර ලෙස වර්තමාන අර්බුදයට විසඳුම් සෙවීම හා ස්ථාවරත්වය ඇති කිරීම අවශ්‍ය බවත් ඇය පවසයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා වන දිගුකාලීන විසඳුම් වෙත යාමටත් තමන් අගමැතිවරයා උනන්දු කරන බවත් තානාපතිවරිය මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 85