සොරකම් කෙරූ වත්කම් ආපසු ලබා ගැනීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සටහනක්

සොරකම් කර ලද වත්කම් සඟවා තැබීමකදී හෝ එම වත්කම් යොදා ගනිමින් ගොස් විදේශ රටවල ඇති වත්කම් හෝ දේපළ මිලදී ගැනීමක් අවස්ථාවකදී එම වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳව සටහනක් ඉදිරිපත් කරන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කටයුතු යොදා තිබේ.

විශේෂයෙන්ම සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම මේ වනවිට ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙන බවත්, එවැනි වත්කම් ආපසු ලබා ගත හැකි ආකාරය, ඒ සඳහා ක්‍රියා කළ යුතු පාර්ශ්ව සහ ඒ සඳහා ගත වන කාලය පිළිබඳව මේ හරහා කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන බවත් එම ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ සඟවා ඇති වත්කම් ආපසු ලබා ගැනීම

මෙය කල්ගතවන ක්‍රියාවලියකි. එයට හේතුව ශ්‍රී ලංකාව තුළ අපරාධ නඩුවක් අවසන්වීමට අවුරුදු 10.2ක පමණ කාලයක් ගතවීමයි.

කෙසේ වෙතත් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වැනි නිතිය ක්‍රියාත්මක කරන ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය යටතේ, සඟවා ඇති වත්කම් හඳුනා ගැනීම, අත්හිටුවීම සහ ග්‍රහණය කිරීම සිදුකළ හැකිය.

දූෂිත මුදල් ඉතා ඉක්මනින් රටෙන් බැහැරට යා හැකි නිසා සැකකටයුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් සාක්ෂි ඇති විට දී නීතිය ක්‍රියාත්මක කරන ආයතන කඩිනමින් ක්‍රියා කිරීම අනවශ්‍ය වේ. ජනතාව සිය රජයෙන් මෙසේ ක්‍රියා කරන ලෙද තරයේ ඉල්ලා සිටිය යුතු වේ.

විදේශරටවල ඇති වත්කම් ආපසු ලබා ගැනීම (අන්තර්ජාතික වත්කම් ආපසු ලබා ගැනීම)

දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි (UNCAC) අත්සන්කාර පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකාව ඒ හා අනුකූල වීමට බැඳී ඇත.

අන්තර්ජාතික සහයෝගීතාව සහ නීති විරෝධී වත්කම් ආපසු ලබා ගැනීම මෙම ප්‍රඥප්තියෙහි එන ප්‍රධාන සංකල්ප දෙකක් වෙයි.

මුදල් සොරකමට භාජනය වූ ප්‍රභව රට සහ වත්කම් පවතින ගමනාන්ත අතර අන්‍යෝන්‍ය නීති සහාය (MLA) මගින් අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රධාන වශයෙන්ම සිදු කෙරේ.

විදේශ රටවලින් වත්කම් ආපසු ලබා ගැනීමට ගත හැකි පියවර

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ වත්කම් ගමනාන්ත රටවල (Destination Country) නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර වන අවිධිමත් සංවාද, දූෂණ කටයුත්තක් සිදු වී ඇත්දැයි සාක්ෂි සොයා ගැනීම සඳහා මෙය සිදු කරනු ලබයි. වත්කම් තිබෙන ස්ථාන සොයා ගැනීමට මෙම ක්‍රමය භාවිත කෙරේ.

රජය විසින් ගමනාන්ත රටෙහි රජය වෙත කරන විධිමත් ඉල්ලීම්.

ප්‍රශ්නයට තුඩු දී ඇති වත්කමෙහි විමර්ශනයට අදාළව ගමනාන්ත රටෙහි අධිකරණ නියෝගයක් ලබා ගැනීම.

ප්‍රභව රටට වත්කම් ආපසු ලබා දීම (ශ්‍රී ලංකාව).

Visits: 153